MAHESH
Showing posts with label සිංහල ටයිපින්. Show all posts
Showing posts with label සිංහල ටයිපින්. Show all posts

Wednesday, May 28, 2014

Apache OpenOffice


MS Office කිව්වම නම් නොදන්න කෙනෙක් නැති තරම් ඒත් ඉතින් MS Office අපේ ගොඩක් අය පාවිච්චි කරන්නේ හොරෙන්නේ. මේ ලිපිය මගින් ඔයාලට අරගෙන ආවේ Apache OpenOffice මෘදුකාංගය මේකත් බොහෝ දුරට අපි නිතර පාවිච්චි කරන MS Office මෘදුකාංගයට සමාන කම් තියන මෘදුකාංගයක් විශේෂත්වය තමයි අපට මේ මෘදුකාංගය ලැබෙන්නේ නොමිලේ ඒ නිසා ඉතින් අපිට තවදුරටත් හොරු වෙන්න අවශ්‍ය නැහැ Apache OpenOffice මෘදුකාංගය බාගෙන නොමිලේම පාවිච්චි කරන්න පුළුවන්.













Monday, February 10, 2014

sinhala Key man (සිංහල ටයිපින් ගැන වදවන අයට)



සිංහල ටයිප් කරන්න ගියාම ගොඩක් අයට තියන ලොකුම ප්‍රශ්ණයක් තමයි හරියට වැඩ කරන කී මෑන් එකක් හොයා ගන්න එක මමත් මේ ප්‍රශ්ණයට ගොඩක් මූණදීල තියනව ඒ වගේම අපේ ලග තියන සමහර කී මෑන් වැඩ කරන්නේ සමහර මෘදුකාංග සමග පමණයි. ඔයාල දන්නව අපි සිංහල අකුරු ටයිප් කරද්දී, ම්, ට්, දු, ද්‍ර, බ්, ර්, වි, මි වගේ සිංහල අල් අකුරු හරියට ටයිප් වෙන්නේ නැහැ. හැබැයි අපි පාවිච්චි කරන සිංහල පොන් එක අනුව අපිට ඒ අකුරු කොඩ් එකක් ටයිප් කිරීම මගින් ලබා ගන්න පුළුවන් අපිට ඉතින් ගොඩක් කෝඩ් මතක තියාගන්න අමාරු නිසා සිංහල ටයිප් කිරීමේදී ඉහත මා සදහන් කල අකුරු නිවැරදිව ටයිප් කිරීම සදහා සිංහල කී මෑන්හෝ වෙනත් මෘදුකාංගයක් භාවිතා කිරීම සිදුකරනු ලබයි. පහල තියන  මෘදුකාංගය ඔක්කොම ඔයාලට බාගත කරගන්න පුළුවන්.


  1. කී මෑන් (නිදහස)
  2. කී මෑන් (සිංහල old)
  3. කී රෙප් (New)
  4. කී රෙප්  (old)
  5. සිංහල කී හෙල්ප්
https://app.box.com/s/op4cslh2clfn7q8hm6xl
1. 7 MB




Thursday, November 14, 2013

සිංහල කීබෝඩ්


සිංහල ටයිප් කරන්න පුරුදු වෙන අයට තියන ප්‍රධාන ගැටලුවක් තමයි සිංහල අකුරු හොයා ගන්න බැරි එක. සමහරුනම් ඉතින් සිංහල කී බෝඩ් එකක්ම පාවිච්චි කරනව ඒත් මගේ නම් නිර්දේශය තමයි ඉංග්‍රීසි කී බෝඩ් එකෙන් සිංහල ටයිප් කරන්න පුරුදු වෙන එක මම දකින විදියට නම් එක ගොඩක් සාර්ථක වගේම පහසු වැඩක්  සිංහල අකුරු තියන තැන් හොයාගන්න බැරි අය වෙනුවෙන් තමයි අද මම සිංහල කී බෝඩ් වල අනුරූ කීපයක් ඔයාල වෙනුවෙන් අරගෙන එන්න හිතුවේ. පහල තියනව බාගෙන බලන්න.
01

02


03


04

05

06

07




Thursday, October 3, 2013

Chrome එකෙන් සිංහල කියවමු


google chrome එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ ගොඩක් අය භාවිතා කරන වෙඩ් බවුසර් එකක් ඉතින් මම අද කියන්න යන්නේ google chrome එකෙන් ඔයාල ඉන්ටනෙට් යද්දි ඔයාලට හමු වෙන ඉංගීසි වචන වල තේරුම සිංහලෙන් බලාගන්න පුළුවන් මේක දාගත්තම. ඔයාලට තේරුම බලා ගන්න අව‍ශ්‍ය ඉංගීසි වචනය උඩ මවුස් පොයින්ට් එක තියන්න විතරයි තියෙන්නේ ඒ වචනේ සිංහල තේරුම එතන පේනව. ඔයාල පහල තියන ලිංකුවෙන් ගිහින් අදාල Sinhala Meaning  කියන  Chrome Extension එක ඇඩ් කරගන්න එතකොට වැඩේ හරි. පහල වීඩියෝ එකේ හදාගන්න අවශ්‍ය විදිය පැහැදිලිව තියනව.








Monday, September 2, 2013

සිංහල පොන්ට් 1700 ක් නොමිලේ (02)


අපිට විවිධ අවස්ථාවලදී විවිධ වැඩ කරන විට සිංහල භාෂාව භාවිතය මගින් යතුරුලියනය කිරීම සිංහල පොන්ට් අවශ්‍ය වෙනව. ඒ වගේම එක එක සිංහල පොන්ට් භාවිතය මගින් අපි කරන වැඩේ ගොඩක් අලංකාර කර ගන්න පුළුවන් ඒ හින්ද තමයි අද මම ඔයාල වෙනුවෙන් සිංහල පොන්ට් 1700 ක එකතුවක් අරගෙන ආවේ. පහල තියනව සිංහල පොන්ට් එකතුව බාගෙනම බලන්න. මේ පයිල් එක ZIP කරල තියෙන්නේ ඒ සම්බන්ධව ඔයාල දන්නවනේ දන් නැති කෙනෙක් ඉන්නව නම් කියන්න.

52 MB






Monday, August 5, 2013

සිංහල පොන්ට් 1


අපිට පරිගණකයත් සමග වැඩ කිරීමේදී නොයෙක් අවස්ථා වල සිංහල පොන්ට් අවශ්‍ය වෙනව මොකද අපිට සිංහල ටයිප් කරන්න සිංහල පොන්ට් එකක් අවශ්‍ය වෙනව ඒ වගේම වෙනත් පරිගණකය සකසන ලද ලිපියක් , වැඩසටහනක් වගේ දේවල් සමහර වෙලාවට අපේ පරිගණකයේ පෙන්නන් නැහැ ඒකට හේතුව තමයි ඒ වැඩසටහන හදන ලද සිංහල පොන්ට් එක අපේ පරිගණකයේ ස්ථාපිත කර නොතිබීම ඒ නිසා තමයි මම අද ඔයාල වෙනුවෙන් සිංහල පොන්ට් එකතුවක් අරගෙන එන්න හිතුවෙ.

සිංහල පොන්ට් පැක් එක මේකේ සිංහල පොන්ට් 488 ක් තියනව.
26 MB

පහලින් ගිහින් ඔයාලට තවත් සිංහල පොන්ට් 70 ක් බාගන්න පුළුවන්