MAHESH

Sunday, June 30, 2013

පරිගණකයෙන් ඇස් පරිස්සම් කර ගනිමු - Eye Strain Care

Eye Strain Care

Computer එක ඉස්සරහට වෙලා Monitor එක දිහා බලාගෙන ඉන්න අය දන්නවා ඒ අයගෙ ඇස්වලට කොච්චර අමාරුද කියලා.ඒ හින්දා දොස්තරලා නිර්දේශ කරන්නෙනම් විනාඩි 45කට පමණ වරක්  පොඩි වෙලාවක් ඈත ඇති වස්තුවක් දිහා බලාගෙන ඉන්න කියලා. ගොඩාක් වෙලාවට ඒ වැඩේ කරන්න මතක්වෙන්නේ නැහැ. ඒ වගේ ඇහැට විවේකයක් ගන්න මතක් කරන්න තමයි මේ Software එක තියෙන්නේ.මේ Software එක මගින් කෙටි විවේක කාල සහ ප්‍රධාන විවේක කියලා දෙකක් හඳුන්වලා දෙනවා.ඔයාලට පුළුවන් විනාඩි 45ක් හෝ අවශ්‍ය වෙලාවකට වරක් ප්‍රධාන විවේකය ගන්න මතක් කරගන්නත්.කෙටි විවේක ඔබට කැමති වෙලාවකට වරක් ලබාගන්න මතක් කරගන්නත් පුළුවන්. ඒ වගේම ඒම විවේක කාලයන්හි ඔබ කැමති ගීතයක් වාදනය වීමට හදාගන්නත් පුළුවන්.නැත්නම් විවේකය ආරම්භයට පෙර සහ පසු කුඩා ගීත කොටසක් වාදනය වීමට හදාගන්න පුළුවන්.මේ සෑම විවේක කාලයකදිම ඔයාලගෙ Screen එකේ පෙන්නනව. යොදලා තියෙනවානම්  Music එකකුත් Play වෙයි.ඔයාලත් දාගෙන බලන්න.පහලින් ගිහින් ඔයාලත් බාගෙන බලන්න.


මහේෂ් හේෂාන්





pariganaka sinhalen


මගේ යාළුවන්ට අද මම ගෙනාවෙ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතෙන ලිපි එකතුවක් මේ ලිපි මටත් අහම්බෙන් හමු වු අතර පරිගණක පිළිබදව මුලික දැනුම හදාරන අයට මේ ලිපි ගොඩක් වැදගත් වෙයි කියල මම හිතනව ඉතින් ඔයාලත් ඔයාලගෙ දැනුම වැඩිකර ගන්න මේ ලිපි එකතුව කියවන්න.
මේ ලිපි PFD පයිල් විදියටයි තියෙන්නෙ ඔයාලට අවශ්‍ය නම් ඩවුන්ලොඩ් කර ගන්නත් පුළුවන්.

PFD සොප්ටයා එකක් ඔබේ පරිගණකයේ නැත්නම් මෙතනින් බාගෙන ඉස්ට්‍රොල් කර ගන්න.

01. දත්ත සැකසීමේදී භාවිතා වන තර්කාණුකූල මෙහෙයුම් කාර්යන් - LOGICAL OPERATIONS.
02. පරිගණක වෛරස් - Computer Viruses
03. තොරතුරු සංනිවේදනය -Data Communication.
04. දත්ත සහ තොරතුරු - Data & Information
05. තොරතුරු පද්දති - Information Systems
06. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය -INFORMATION & COMMUNICATION TECHNOLOGY
07. තාර්කික පරිපථ -LOGIC GATES
08. තොරතුරු තාක්ෂණය හා ජාතික සංවර්ධනය - IT National Development
09. තොරතුරු තාක්ෂණයේදී භාවිතා වන මෙහෙයුම් කාර්යන්.
10. පරිගණක වැඩසටහන් කරණ භාෂා - Programming language
11. පරිගණක වැඩසටහන් සම්පාදනය - Computer Programming Technology

මහේෂ් හේෂාන්




Sunday, June 9, 2013

CD / DVD පහසුවෙන්ම Burn කරමු


Burn Aware Professional v6.3.0 මුදෘකාංගය CD / DVD Burn කරන්න පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංගයක් මේක පාවිච්චි කරන්න ගොඩක්ම ලේසියි. මෙම මෘදුකාංගය ඔබට පරිඝණකයේ ස්ථාපිත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට යූ.එස්.බී පෙන් එකකට උනුත් දාගෙන ඕන තැනකදි ඉතාමත් පහසුවේන් පාවිච්චි කරන්න පුළුවන් . මෙම මෘදුකාංගය නීරෝ බර්න් මුදෘකාංගයට තරම් සංකීර්න නොවුනත් ඔයාලගෙ වැඩ පහසුවෙන් කර ගන්න කියාපු මෘදුකාංගයක්. ඔයාලත් පාවිච්චි කරල බලන්න පහලින් බාගන්න පුළුවන්. (ZIP පයිල් එකක් විදියටයි මේ පයිල් එක තියෙන්නේ)
6 .21 MB
Mahesh Heshan





Friday, June 7, 2013

ගූගල් ක්‍රෝම් සිංහලෙන්


ගූගල් ක්‍රෝම් යනු ගූගල් සමාගම විසින් වැඩි දියුණු කරන ලද නොමිලේ ලබාගත හැකි වෙබ් බ්‍රව්සරයකි.එය පිටු දර්ශන සැකැස්ම සැකසීමට වෙබ් කිට් ලේඅවුට් එන්ජිම යොදාගනී.මුල්ම වරට 2008 සැප්තැම්බර් දෙවන දින එහි බිටා සංස්කරණය මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් මෙහෙවුම් පද්ධතිය සඳහා දියුණු කෙරිනි.එහි ස්ථාවර සංස්කරණය 2008 දෙසැම්බර් එකොලොස් වන දින මහජනතාවට නිකුත් කරන ලදි.
StatCounter වෙබ් අඩවියට අනුව ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය 2013 අප්‍රේල් වන විට ලෝක වෙබ් බ්‍රව්සර් භාවිතය අතින් 39% කොටසකට හිමිකම් කියයි.
2008 සැප්තැම්බරයේදී,ගූගල් සමාගම සිය වෙබ් බ්‍රව්සරයේ බොහෝ කේතය ක්‍රෝරෝමියෙම් නමින් නිදහස් කෙරිනි.
ගූගල් සමාගමේ එරික් ස්කිමිත් සයවසරක් තිස්සේ තම සමාගමේ ස්වාධීන වෙබ් බ්‍රව්සරය දියුණු කිරීමට මැලිවිය.ඔහු ප්‍රකාශ කර සිටියේ "ඒ කාලේ ගූගල් කියන්නේ සමාන්‍ය සමාගමක්" ; ඔහුට එකල බ්‍රව්සරය යුද්ධයක පැටලී සටනක් දීමට කිසිදු කැමැත්තක් නොතිබිණි.
එහෙත් ගුගල් සමාගමේ සමනිර්මාතෘ වන සර්ජි බ්රින් සහ ලැරී පෙජ් විසින් මොසිල්ලා පදනමේ මෘදුකාංග ශිල්පින් කුලියට යොදා ගෙන ගූගල් ක්‍රෝම්හි අදර්ශනයක් සැදීමෙන් පසු එරික් ස්කිමිත් එහි විශිෂ්ටත්වය ඉදුරාම තම සිත වෙනස් කල බව කියා සිටියා.




Thursday, June 6, 2013

IP එක මාරු කරමු




මේ මෘදුකාංගය භාවිතා කරල ඔයාලට පුළුවන් ඔයාලගෙ පරිඝණකයේ  IP එක මාරු කරන්න. මේ මෘදුකාංගයේ නම  තමයි NetSetMan. මේකෙන් අපිට පුලුවන් IP Set 6ක් කලින් ඇතුලත් කරලා  IP එක තියන ටැබ් එක ‍තෝරලා Activate කියන බටන් එක clik ගමන් IP එක මාරු වෙනවා. ඔයාලත් පාවිච්චි කරල බලන්න මේක ගොඩක් ලේසි වැඩක්. පහල තියනව අදාල මෘදුකාංගය බාගෙන බලන්න.

2. 78 MB






watery desktop 3d / desktop එකට වතුර දාගමු


මම අද ඔයාලට අරගෙන ආවේ අපේ පරිඝණක වල desktop  ලස්සන කරගන්න ක්‍රමයක් watery desktop 3d කියන මෘදුකාංගය ඔබේ පරිඝණකයේ ස්ථාපිත කිරීමෙන් පසු ඔබේ පරිඝනකයේ desktop එකට වතුර දැම්ම වගේ ඔයාලට පෙනේවි මෙම මෘදුකාංගයේ අපිට වතුර පාවෙන රටාව / වේගය  වගේ දේවලුත් වෙනස් කර ගන්න පුළුවන් ගොඩක් ලස්සන වැඩක් ඔයා ලත් බාගෙන බලන්න.
1 MB

Watery Desktop 3D 3.3.5.0

Registration name: Erik McBride
Registration code: LKHEC-FJHFA-NEGLF-PKCMF




Wednesday, June 5, 2013

facebook එකට themes එකක් දාගමු


මම අද ඔයාලට කියන්නයන්නේ facebook එකට ලස්සන themes එකක් දාගන්න ක්‍රමය හැබැයි  මේක වැඩ කරන්නෙ google chrome browser එකට මෙන්න මේකයි කරන්න තියෙන්නේ මුලින්ම මෙතනින් ගිහින් Stylish කියන ඇප් එක  Aggungi කියන තැනින් ඇඩ් කරගන්න.
දැන් ඔයාලට මම පහල දීල තියන themes ඇඩ් කරගෙන බලන්න කොහොමද කියල.












Mahesh Heshan










Tuesday, June 4, 2013

Format Factory නොමිලේ


අපේ ගොඩක් යාළුවො දුක්විදින කාරනයක් තමයි Video,Audio,Picture අපිට අවශ්‍ය Format වලට හදා ගන්න එක ඒකට ඉතින් ලොකු කට්ටක් කන්න ඕන සමහර මෘදුකාංග තිබුනත් ඒව හරියට වැඩ කරන්නේ නැහැ..ටිකක් පරණ උනත් හැබැයි හොදටම වැඩකරන මෘදුකාංගයක් තමයි Format Factory කියන්නේ ඔයාලගේ පෝන් එකට ටැබ් එකට වගේ හරියටම හරියන Format එකට Video,Audio,Picture හදාගන්න කියාපු මෘදුකාංගයක් මේක. මෙම මෘදුකාංගය මගින් පහත මම දීල තියන සියලුම Format වලට අපිට අවශ්‍ය ආකාරයට අපේ Video,Audio,Picture වැනි දේවල් අපට සකස ගන්න පුළුවන්.


Video formats
3GP (.3gp)
MPEG-1 (.mpg)
Matroska (.mkv)
Flash Video (.flv)
SWF (.swf)
MPEG-4 Part 14 (.mp4)
Audio Video Interleave (.avi)
Windows Media Video (.wmv)
RealMedia Variable Bitrate (.rmvb)
VOB (Video Object) (DVD file) (.vob)
QuickTime File Format (QTFF) (.mov)


Audio formats
MP3
Ogg
Wave Sound (.wav)
Adaptive Multi-Rate (.amr)
Windows Media Audio (.wma)
Advanced Audio Coding (.aac)
MIDI (.mid)


Picture formats

.JPG
.PNG
.ICO
.BMP
.GIF
.TIF
.TGA

මේ Format වලට අමතර මේ මෘදුකාංගයේ තවත් ගොඩක් වැඩ තියනව ඔයාලත්  පහලින් බාගෙන බලන්න.



photoshop cs6 නොමිලේ

මම අද ඔයාලට අරගෙන ආවේ ගොඩක් අයට හොයාගන්න අමාරු හොයාගත්තත් හරියට වැඩ නොකරන මෘදුකාංගයක් ඒ තමයි photoshop cs6 software එක  ඔයාලට මේක කිසි කරදරයක් නැතිව හැමදාමත් පාවිච්චි කරන්න පුළුවන් මමත් දැට පාවිච්චි කරන්නේ මේ මෘදුකාංගය තමයි කිසිම අවුලක් නැහැ එලට වැඩ. ඔයාලට මේක බාගන්න වෙන්නේ නම් ටොරන්ට් වලින් පහල මම ලින්ක් එක දීල තියනව ටොරන්ට් සයිට් එකෙත් මේ  මෘදුකාංගය ගැන ගොඩක් අය හොද කමෙන්ට් කරල තියනව බාගන්න කලින් ඒකත් ටිකක් බලන්න දැනට 2076 ක් තියනව අනිවාරයෙන් හොද වෙන්න ඕන නේ මෙච්චර කමෙන්ට් ලැබෙන්න.

මහේෂ් හේෂාන්



USB pen එකක් භාවිතා කර RAM එක වැඩිකර ගමු

අපේ පරිගණකයේ RAM එක අඩුනම් පරිගණකයේ වැඩකරද්දි Speed එක අඩුනම් අපිට පුළුවන් USB pen එකක් බාවිතා කර ReadyBoost මගින් පරිගණකයේ වේගය වැඩි කර ගන්න.මේක කරන්නේ Flash Drive එකක හෝ Thumb Drive එකක USB හරහා සම්බන්ධ කර එය RAM එකක් හැටියට භාවිත කිරීම. USB pen එකක් පරිගණකයට සම්බන්ධ කර Computer – usb drive – Properties ReadyBoost හරහා මෙය ක්‍රයාත්මක කර ගැනීමයි. පහල වීඩියෝවෙ තියනව කරන්න ඕන විදිය ඔයාලත් ReadyBoost පාවිච්චි කරල බලන්න.






Mahesh Heshan



Sunday, June 2, 2013

නිතර දකින් facebook වෙනස් කර ගමු


ෆෙස්බුකියට ලොග් වෙන තැන තියෙනවා නේ එතන අපිට මේ Extension එකෙන් අපිට ඕනෙම රුපයක් දාල ලොග් ඔන්වෙන තිරය වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මේ Extension එක වැඩ කරන්නේ  Google Chrome, Comodo Dragon වගේ සුළු Browser වලට විතරයි ඔයාලත් මුහුණුපොත ටිකක් වෙනස් කරල බලන්නකෝ................පහල තියනව ලින්කුව
                                                 
Mahesh Heshan



password ගොඩක් වෙනුවට එකක් මතක තියාගමු


අපේ ගොඩක් යාළුවො මුහුණ දෙන ගැටලුවක් තමයි එයාලගෙ මුරපද අමතක වෙන එක හා මුරපද අමතක නොවන ලෙස අපේ උපන් දිනය, ජාතික හැදුනුපත් අංකය, දුරකථන අංක යොදාගැනීම මගින් අපේ එකවුට් හැක් වෙන අවස්ථා අනන්තයි. අද මම ඔයාලට කියන්න යන්නේ කිසිම අවුලක් නැතිව අපේ password ඔක්කොම වෙනුවට එක ආරක්ෂා කාරි password එකක් මතක තියාගන්න විදිය අන්තර් ජාලය මගින් අපිට බොහෝ පහසු කම් සපයනව වගෙම මේ පහසු කමත් අපිට සපයල දීල තියනව lastpass අඩවියේ අපේ ගිණුමක් නොමිලේම අපට පවත්වා ගෙන යන්න පුළුවන් ඒ තුල අපේ password  ඔක්කොම ආරක්ෂා කාරීව තැම්පත් කරල තියන්න පුළුවන් LastPass Password Management කිරීමේ මෘදුකාංගයක්. මෙය Windows (2000/XP/Vista/7), MAC OS X (10.5+) හෝ Linux යන මෙහෙයුම් පද්ධති වලට සහය දක්වනව.  තවද LastPass මෘදුකාංගය Google Chrome, Internet Explorer, Mozilla Firefox, Opera හා Safari යන වෙබ් බ්‍රවුසර් සඳහා සහය දක්වනවා .

 අපි කල යුත්තේ  lastpass ගිණුමක් ආරම්භ කර lastpass මෘදුකාංගය පරිගණකයේ ස්ථාපිත කර ගැනීමයි ඔයාලත් පාවිච්චි කරල බලන්නකෝ මගේනම් ඔක්කොම Password දන්නේ lastpass විතරයි ඔයාලත් පාවිච්චි කරල බලන්න කොච්චර පහසුද කියල මෙය භාවිතා කරන්න.
ඔයාලට මේ ගැන තවත් පැහැදිලි කර ගැනීම සදහා පහත වීඩියෝ බලන්න.....................
LastPass ගිණුමක් ආරම්බ කරන්නයි මෘදුකාංගය බාගන්නයි මෙතනින් යන්න




නිවසේ සැලසුම නිර්මාණය කරදෙන මෘදුකාංගයක් Free


ගොඩනගමින් සිටින ඔබගේ අනගත නිවහනෙහි අභ්‍යන්තර සැකසුම පිලිබදව මේ දිනවල සැලසුම් කරන්නෙකුද විය හැක. මෙම මෘදුකාංගය ඔබගේ සහයට එන්නේ ඒ  සිත්ගන්නා සුලු කරුනක් වනු ඇත. නිවසේ මූලික සැලසුමක් නිර්මානය කර ගැනීම ගෘහභාන්ඩ සැකසුම ආදිය මෙන්ම දැනට ඇති සැලසුමක ගෘහභාන්ඩ සැලසුම ආදී විවිධ ලෙසින් මෙම මෘදුකාංග ඔස්සේ ද්විමාන මෙන්ම ත්‍රිමානව ලබා ගැනීමේ හැකියාව ඇත
free download






පෙන් එකට ලස්සන අයිකන් එකක් දාගනිමු


මම අද පෝස්ට් කරන්න යන්නෙ මම කලින් කියපු දෙයක් ගැන ඒ තමයි අපේ පෙන් එකට / හාඩ්එකේ පාටිෂන් වලට කොහොමද අයිකන් එකක් දාන්නෙ කියල පොඩි වැඩක් තමයි කරන් එහෙනම් වැඩේට බහිමු.

ඔයාලට තියෙන්නේ මම පහල දාල තියන නෝට් බෑඩ් පයිල් එක බාගෙන ඒක ඔයාලට අවශ්‍ය විදියට වෙනස් කර ගන්න.
Note pad download   


free download

[AutoRun]
label=MY PEN
ICON=micon.ico


මේ නෝට් පෑඩ් එකේ MY PEN කියල දාල තියෙන්නේ ඔයාලගෙ පෙන් එකේ/ හාඩ්එකේ පාටිෂන්  එකේ නමෙ.
micon කියල දාල තියෙන්නේ අපි දාන අයිකන් එකේ නම ඒ අයිකන් එක ico කියන පෝමැට් එකේ එකක් වෙන්න ඕන.
ඔයාල බාගන්න අයිකන් එකෙත් නම micon.ico කියල නම් කරන්න.

ඕන අයිකන් මෙතනින් බාගන්න
තව අයිකන් ඕනනම් ico අයිකන් කියල ගූගල් සර්ච් පාරක් දාන්න ඕන තරම් තියනව ico පෝමැට් එකේ අයිකන් නැත්තන් හොද කන්වේටරයකින් කන්වෙට් කර ගන්න.

ඔක්කොම හරිනම් ඔයාලගෙ බාගනිපු Note pad පයිල් එකයි නම වෙනස් කරපු පොටෝ එකයි ඔයාලගෙ පෙන් එකට / හාඩ්එකේ පාටිෂන්  එකකට දාගන්න... එතකොට ටික වෙලාවකින් වැඩේ හරි වැඩ කලේ නැත්නම් Note pad පයිල් එක උඩ රයිට් කිලික් කරල ස්ට්‍රෝල් කර ගන්න.... එලට වැඩ.... කිසිම අතුරු අබාදයක් නැහැ....


මහේෂ් හේෂාන්



මනසින් පාලනය කළ හැකි හෙලිකොප්ටරය








ලොව දියුණු වන තාක්ෂණය තරගයක්ව පැවැතීම නිසා නොයෙක් ආයතන මගින් නොයෙක් නෙයෙක් උපකරන නිපදවා මම අද මම ඔයාලට කියන්න යන්නෙ Puzzlebox කියන ආයතනය Kickstarter නමින් අලුත් ව්‍යාපෘතියක් ආරම්භ කරල තියනව ඒ තමයි මනසින් පාලනය කරන්න පුළුවන් තාක්ෂණික උපකරන නිපදවන්නයි මෙහි මුල් අධියර වශයෙන් ඉහත ආයතනය මගින් මනසින් පාලනය කල හැකි කුඩා හෙලිකොප්ටරයක් නිපදවා තිබෙනව මේ හෙලිකොප්ටරය සදහා NeuroSky MindWave Mobile Electroencephalography (EEG) නම් හෙඩ් සෙට් එකක් ආධාරයෙන් සංඥා යවනු ලබනව. මෙම හෙඩ්සෙට් එක පැලද සිටින අයගේ සිත හෙලිකොප්ටරය වෙත කේන්ද්‍ර ගත කල විට කලින් ලබා දුන් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීම ආරම්බ කරනු ලබනව. මෙම තාක්ෂණය මගින් විනෝදාත්මක ක්‍රීඩා, දුරස්ථ පාලක, වැනි උපකරණ නිපදවන්න අවධානය යොමුකරල තියනව.