MAHESH

Friday, November 15, 2013

ඕමි සෙල්ලම් කරමු



ලංකාවේ ගොඩක් ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි ඕමි කියන්නේ ගොඩක් අය සෙල්ලම් කරන්නත් දන්න ක්‍රීඩාවක් ඒත් ඉතින් 04 දෙනෙක් සෙට් වෙන්න ඕන නේ ඕමි සෙල්ලම් කරන්න. මම පහල දීල තියන පොඩි ඇප් එකෙන් අපිට සිංහලෙන්ම ඕමි සෙල්ලම් කරන්න පුළුවන් කම්මැලි වෙලාවට පරිඝණකය සමග කරන්න පුළුවන් හොද ක්‍රීඩාවක් පහල තියනව බාගෙන බලන්න.
552 KB





Thursday, November 14, 2013

සිංහල කීබෝඩ්


සිංහල ටයිප් කරන්න පුරුදු වෙන අයට තියන ප්‍රධාන ගැටලුවක් තමයි සිංහල අකුරු හොයා ගන්න බැරි එක. සමහරුනම් ඉතින් සිංහල කී බෝඩ් එකක්ම පාවිච්චි කරනව ඒත් මගේ නම් නිර්දේශය තමයි ඉංග්‍රීසි කී බෝඩ් එකෙන් සිංහල ටයිප් කරන්න පුරුදු වෙන එක මම දකින විදියට නම් එක ගොඩක් සාර්ථක වගේම පහසු වැඩක්  සිංහල අකුරු තියන තැන් හොයාගන්න බැරි අය වෙනුවෙන් තමයි අද මම සිංහල කී බෝඩ් වල අනුරූ කීපයක් ඔයාල වෙනුවෙන් අරගෙන එන්න හිතුවේ. පහල තියනව බාගෙන බලන්න.
01

02


03


04

05

06

07




Business Card Maker v2.50 නොමිලේ


අපි කවුරුත් ආසයි අපේම කියල කාඩ් එකක් හදාගන්න ඒක ඉතින් අපිකරන්න වෙන්නේ මෘදුකාංගයක් ආධාරයෙන් ඒ වගේ අපේම කියල කියල කාඩ් එකක් හදාගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි Business Card Maker කියන්නේ ජොබ් එකක් විදිට කාඩ් ඩිසයින් කරන කෙනෙකුට උනත් මේ මෘදුකාංගය ගොඩක් වටිනව ඒ වගේම ගොඩක් ප්‍රයෝජනවත් එකක් පහල තියනව මෘදුකාංගයක් පැච් එකයි දෙකම බාගෙන බලන්න.
11 MB




Boilsoft Video Cutter නොමිලේ


ඔයාල වෙනුවෙන් වීඩියෝ කටර් එකක් තමයි අද මම අරගෙන ආවේ. ටිකක් විතර පරණ වීඩියෝ කටර් එකක් උනාට හොදට වැඩ ගන්න පුළුවන් මෘදුකාංගයක් අපට අවශ්‍ය වීඩියෝ එකේ කොටස පහසුවෙන්ම ලකුණු කරගෙන කට් කර ගන්න පුළුවන් ඔයාලත් බාගෙනම බලන්න කොහොමද වැඩ කියල.
15MB



Wednesday, November 6, 2013

ඉන්ටනෙට් පාඩම 03 (අන්තර්ජාල මෙමරි)


මෙමරියක් කියන්නේ මතකයක් කියන එක කවුරුත් දන්නව. අන්තර් ජාලය තුලදී වෙබ් අඩවි අපිට බලන්න පුළුවන් ඒ වගේම ඒ වෙබ් අඩවි හෙස්ට් කරල තියෙන්නේ අන්තර් ජාලය තුළ. සරළව අන්තර් ජාල මෙමරියක් ගැන කතා කිරීමේදී අපට නොමිලේ මෙන්ම මුදල් ගෙවාද අන්තර් ජාල මෙමරියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම විවිධ ආයතන මගින් අපිට ලබා දෙනු ලබන අන්තර්ජාල මෙමරි විවිධ ආකාරයෙන් නිර්මාණය කරල තියනව. අපි භාවිතා කරනු ලබන යූ ටියුබ්, පේස්බුක්, ඊ මේල් ගිණුම් වගේ දේවල වල යම් ප්‍රමාණයකට අන්තර්ජාල මතයන් අපිට භාවිතා කිරීමට ඉඩ ලබා දී තිබෙනව ඒ වගේම මේ විවිධ ආයතන මගින් අපිට අවශ්‍ය වන විවිධ කාර්යන් ඉටු කර ගැනීමට පහසු වන ආකාරයෙන් මේ දත්ත තැන්පතු නිර්මාණය කර ඇත.

අපිට අවශ්‍ය දත්ත මිතුරන් අතරේ බෙදා ගැනීමට මෙන්ම පුද්ගලිකව පාවිච්චි කිරීමටද අවස්ථාව මෙම සේවාවන් මගින් ලබා දී ඇත. අපිට අවශ්‍ය ගොනුවක් එහා මෙහා ගෙනයාම සාමාන්‍යෙයන් අපි සී.ඩී තැටියක හෝ පෙන් එකක් ආධාරයෙන් තමයි කරන්නේ නමුත් මේ අන්තර් ජාල මෙමරියක් භාවිතා කිරීමේදී අපට වඩාත් පහසුවෙන් ලෝකයේ ඕනම තැනක සිට අන්තර්ජාලය භාවිතා කර අපගේ දත්ත ලබා ගැනීමේ හැකියාව පවතිනව. ඒ වගේම තමයි කාර්යාලයේ වැඩ පරිඝණක කීපයක කිරීමේදී හා නිවසේ සිට කාර්යාලයේ වැඩ කිරීමේදීද මෙම අන්තර්ජාල මෙමරි මගින් අපට ඉතාමත් පහසුවෙන් වැඩ කරන්න පුළුවන්. 

මම දැන් අපට නොමිලේම ලබා ගත හැකි අන්තර් ජාල මෙමරි කීපයක් පහත දක්වල තියනව ඔයාලත් ප්‍රෙයෝජනයක් ගන්න.

............................................................................................................

කාර්යාලයේ හා ලිපි සම්බන්ධ වැඩ කටයුතු කිරීමේදී වඩාත් වැදගත් හා පහසුම සේවාවක් තමයි dropbox කියන්නේ dropbox ගිණුමක් ආරම්භ කරගන්න පහලින් ඇතුල් වෙන්න.


............................................................................................................

100 GB ක අන්තර්ජාල මෙමරියක් නොමිලේම.


............................................................................................................

file upload & share කරන්න හොදම website




............................................................................................................
යූ ටියුබ්


............................................................................................................
Skydrive


............................................................................................................
Google drive