MAHESH

Tuesday, December 17, 2013

බිලියට් ගහන්න කැමති අයට


බිලයට් ගහන්න ආස ගොඩක් අය හිටියට ඉතින් බිලියට් කීඩාව කියන්නේ ඉතින් සල්ලි කාරයොන්ගේ ක්‍රීඩාවක්. බිලියට් ක්‍රීඩාව සදහා අවශ්‍ය උපකරණ සදහාත් විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. නමුත් අපිට ඉතින් හැමදාම වගේ පිහිටට ඉන්න අපේ පරිගණකයෙන් අපිට පුළුවන් බිලියට් සෙල්ලම් කරන්න. බිලියට් සෙල්ලමට ආස අය පහලින් බාගෙන බලන්න. බිලියට් සෙල්ලම් කරන්න දන්නේ නැති අයත් උත්සාහ කරල බලන්න ගොඩක් අමාරු ගේම් එකක් නෙවෙයි ඉගෙන ගන්න ලේසියි.
* බාගතකරිමට උපදෙස්
1.  පහත ඇති (බාගතකරගන්න) යන්න ක්ලික් කරන්න.
2.  තත්පර 5 ක් පමණ රැදී සිටින්න
3.  ඉන්පසු දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම තෝරාගන්න 





12 MB




Friday, November 15, 2013

ඕමි සෙල්ලම් කරමු



ලංකාවේ ගොඩක් ජනප්‍රිය ක්‍රීඩාවක් තමයි ඕමි කියන්නේ ගොඩක් අය සෙල්ලම් කරන්නත් දන්න ක්‍රීඩාවක් ඒත් ඉතින් 04 දෙනෙක් සෙට් වෙන්න ඕන නේ ඕමි සෙල්ලම් කරන්න. මම පහල දීල තියන පොඩි ඇප් එකෙන් අපිට සිංහලෙන්ම ඕමි සෙල්ලම් කරන්න පුළුවන් කම්මැලි වෙලාවට පරිඝණකය සමග කරන්න පුළුවන් හොද ක්‍රීඩාවක් පහල තියනව බාගෙන බලන්න.
552 KB





Thursday, November 14, 2013

සිංහල කීබෝඩ්


සිංහල ටයිප් කරන්න පුරුදු වෙන අයට තියන ප්‍රධාන ගැටලුවක් තමයි සිංහල අකුරු හොයා ගන්න බැරි එක. සමහරුනම් ඉතින් සිංහල කී බෝඩ් එකක්ම පාවිච්චි කරනව ඒත් මගේ නම් නිර්දේශය තමයි ඉංග්‍රීසි කී බෝඩ් එකෙන් සිංහල ටයිප් කරන්න පුරුදු වෙන එක මම දකින විදියට නම් එක ගොඩක් සාර්ථක වගේම පහසු වැඩක්  සිංහල අකුරු තියන තැන් හොයාගන්න බැරි අය වෙනුවෙන් තමයි අද මම සිංහල කී බෝඩ් වල අනුරූ කීපයක් ඔයාල වෙනුවෙන් අරගෙන එන්න හිතුවේ. පහල තියනව බාගෙන බලන්න.
01

02


03


04

05

06

07




Business Card Maker v2.50 නොමිලේ


අපි කවුරුත් ආසයි අපේම කියල කාඩ් එකක් හදාගන්න ඒක ඉතින් අපිකරන්න වෙන්නේ මෘදුකාංගයක් ආධාරයෙන් ඒ වගේ අපේම කියල කියල කාඩ් එකක් හදාගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි Business Card Maker කියන්නේ ජොබ් එකක් විදිට කාඩ් ඩිසයින් කරන කෙනෙකුට උනත් මේ මෘදුකාංගය ගොඩක් වටිනව ඒ වගේම ගොඩක් ප්‍රයෝජනවත් එකක් පහල තියනව මෘදුකාංගයක් පැච් එකයි දෙකම බාගෙන බලන්න.
11 MB




Boilsoft Video Cutter නොමිලේ


ඔයාල වෙනුවෙන් වීඩියෝ කටර් එකක් තමයි අද මම අරගෙන ආවේ. ටිකක් විතර පරණ වීඩියෝ කටර් එකක් උනාට හොදට වැඩ ගන්න පුළුවන් මෘදුකාංගයක් අපට අවශ්‍ය වීඩියෝ එකේ කොටස පහසුවෙන්ම ලකුණු කරගෙන කට් කර ගන්න පුළුවන් ඔයාලත් බාගෙනම බලන්න කොහොමද වැඩ කියල.
15MB



Wednesday, November 6, 2013

ඉන්ටනෙට් පාඩම 03 (අන්තර්ජාල මෙමරි)


මෙමරියක් කියන්නේ මතකයක් කියන එක කවුරුත් දන්නව. අන්තර් ජාලය තුලදී වෙබ් අඩවි අපිට බලන්න පුළුවන් ඒ වගේම ඒ වෙබ් අඩවි හෙස්ට් කරල තියෙන්නේ අන්තර් ජාලය තුළ. සරළව අන්තර් ජාල මෙමරියක් ගැන කතා කිරීමේදී අපට නොමිලේ මෙන්ම මුදල් ගෙවාද අන්තර් ජාල මෙමරියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම විවිධ ආයතන මගින් අපිට ලබා දෙනු ලබන අන්තර්ජාල මෙමරි විවිධ ආකාරයෙන් නිර්මාණය කරල තියනව. අපි භාවිතා කරනු ලබන යූ ටියුබ්, පේස්බුක්, ඊ මේල් ගිණුම් වගේ දේවල වල යම් ප්‍රමාණයකට අන්තර්ජාල මතයන් අපිට භාවිතා කිරීමට ඉඩ ලබා දී තිබෙනව ඒ වගේම මේ විවිධ ආයතන මගින් අපිට අවශ්‍ය වන විවිධ කාර්යන් ඉටු කර ගැනීමට පහසු වන ආකාරයෙන් මේ දත්ත තැන්පතු නිර්මාණය කර ඇත.

අපිට අවශ්‍ය දත්ත මිතුරන් අතරේ බෙදා ගැනීමට මෙන්ම පුද්ගලිකව පාවිච්චි කිරීමටද අවස්ථාව මෙම සේවාවන් මගින් ලබා දී ඇත. අපිට අවශ්‍ය ගොනුවක් එහා මෙහා ගෙනයාම සාමාන්‍යෙයන් අපි සී.ඩී තැටියක හෝ පෙන් එකක් ආධාරයෙන් තමයි කරන්නේ නමුත් මේ අන්තර් ජාල මෙමරියක් භාවිතා කිරීමේදී අපට වඩාත් පහසුවෙන් ලෝකයේ ඕනම තැනක සිට අන්තර්ජාලය භාවිතා කර අපගේ දත්ත ලබා ගැනීමේ හැකියාව පවතිනව. ඒ වගේම තමයි කාර්යාලයේ වැඩ පරිඝණක කීපයක කිරීමේදී හා නිවසේ සිට කාර්යාලයේ වැඩ කිරීමේදීද මෙම අන්තර්ජාල මෙමරි මගින් අපට ඉතාමත් පහසුවෙන් වැඩ කරන්න පුළුවන්. 

මම දැන් අපට නොමිලේම ලබා ගත හැකි අන්තර් ජාල මෙමරි කීපයක් පහත දක්වල තියනව ඔයාලත් ප්‍රෙයෝජනයක් ගන්න.

............................................................................................................

කාර්යාලයේ හා ලිපි සම්බන්ධ වැඩ කටයුතු කිරීමේදී වඩාත් වැදගත් හා පහසුම සේවාවක් තමයි dropbox කියන්නේ dropbox ගිණුමක් ආරම්භ කරගන්න පහලින් ඇතුල් වෙන්න.


............................................................................................................

100 GB ක අන්තර්ජාල මෙමරියක් නොමිලේම.


............................................................................................................

file upload & share කරන්න හොදම website




............................................................................................................
යූ ටියුබ්


............................................................................................................
Skydrive


............................................................................................................
Google drive










Thursday, October 31, 2013

Eusing Maze Lock


Eusing Maze Lock  කියන මෘදුකාංගය මගින් අපිට පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් පෝන් වල තියන වගේ පැටි ලොක් එකක්  අපේ පරිගණකයට දාගන්න මෙම මෘදුකාංගය පොඩි මෘදුකාංගයක් මේක මගින් අපිට පුළුවන් අපේ පරිගණකයේ තිබුනු ඒකාකාරී බව නැති කර ගෙන පරිගණකයට ලස්සනක් එකතු කර ගන්න. පහල තියනව Eusing Maze Lock මෘදුකාංගය ඔයාලත් බාගෙනම බලන්න කොහොමද වැඩ කියල.

1 MB








Tuesday, October 29, 2013

මවුස් එක වෙනුවට වෙබ් කැම් එක පාවිච්චි කරමු


npointer කියන මෘදුකාංගය තමයි අද මම ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ. මේ මෘදුකාංගය මගින් අපිට පුළුවන් වෙබ් කැම් එක ආදාරයෙන් මවුස් එකක් නැතිව පරිගණකයේ වැඩ කරන්න. මේ npointer මෘදුකාංගයේ පෝටබල් එක පහල තියනව මේක පරිගණකයේ ස්ථාපිත කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. පහලින් බාගතකරගෙන බලන්න.
1.9 MB



Wednesday, October 23, 2013

හස්ථ සංඥා මගින් වැඩ කරන්න


හස්ථ සංඥා මගින් වැඩ  කරනව කිව්වම කවුරුත් දන්නව. දැනට පරිණක හස්ථ සංඥා මගින් හසුරුවන්න පුළුවන් උපකරණ නිපදවල තිබුනත් එම උපකරණ බොහෝමයක් පවතින්නේ පරීක්ෂණ මට්ටමේ. ඉතින් ඒ ඇරත් ඔය උපකරණ වල මිල ඉතින් අපට හිතා ගන්න පුළුවන්නේ. අද ඔයාලට මම අරගෙන ආවේ flutter කියල මෘදුකාංගයක්. මේ මෘදුකාංගය මගින් ඔයාලට පොඩි Fun එකක් ගන්න පුළුවන්. මේ මෘදුකාංගය මගින් ඔයාලට පුළුවන් යූ ටියුබ් හා වීඩියෝ ප්ලේයර් කීපයක් හස්ථසංඥා මගින් හසුරුවන්න. මේ මෘදුකාංගයෙන් වැඩ ගන්න නම් අනිවාරයෙන්ම අපිට වෙබ් කැම් එකක් තියෙන්න වෙනව. (වෙබ් කැම් එකෙන් කමයි අපි දෙන සංඥාව හදුන ගන්නෙ) ලැප්ටොප් වලට වගේනම් මේක ගොඩක් ලස්සනයි. පහල තියනව මෘදුකාංගය බාගතකර ගෙනම බලන්න.
( වින්ඩෝස් මීඩියා ප්ලේයර් එකටයි, වී.එල්.සී ප්ලේයර් එකටයි හොදටම වැඩ මේ මෘදුකාංගය)

4 MB









Friday, October 18, 2013

Firefox 25.0 Beta 9 අලුත්ම එක


Firefox  වෙබ් බවුසර් එක පාවිච්චි කරන්න කැමති අය වෙනුවෙන් අද මම අරගෙන ආවේ Firefox වල අලුතින්ම නිකුත් වෙලා තියන වර්ශන් එක Firefox  25.0 Beta 9 වෙබ් බවුසර් එක අරගෙන. Firefox පාවිච්චි කරන්න ආස අයට පහල තියනව බාගෙන බලන්න.
22.21MB



Title:Firefox 25.0 Beta 9
Filename:Firefox Setup 25.0b9.exe
File size:22.21MB (23,293,952 bytes)
Requirements:Windows 2000 / XP / Vista / Windows7 / XP64 / Vista64 / Windows7 64 / Windows8 / Windows8 64
Languages:en-US
License:Open Source
Date added:October 18, 2013



Wednesday, October 16, 2013

කරදරකාරී ඇඩි Block කරමු


අන්කර්ජාලය භාවිතා කිරීමේදී ඇඩ් වලින් ඇති කරදරය ඉතින් අපි කවුරුත් දන්නව. සමහර වෙඩ් අඩවි වල ඇඩ් වැහි වැහැල. හැම තැනම ඇඩි අපේ ඩේට වලිනුත් යම් ප්‍රමාණයක් නිකරුනේ අපතේ යනව අනික තමයි මමත් අන්තර්ජාලය භාවිතා කරන්න ගත් මුල් අවදියේ මේ ඇඩ් වලින් පුදුම දුකක් වින්දේ ඇඩ් බොලොක් කරන්න පුළුවන් විදියේ මෘදුකාංග ගොඩක් තියනව මම අද ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ google chrome web browser එක පාවිච්චි කරල අන්තර්ජාලයේ සැරිසරද්දි ඇඩි වලින් ඇති වදය නවත්ත ගන්නේ කොහොමද කියල. ඔයාල කවුරුත් දන්ව  ඇති  google chrome web browser  එකේ extension කියන එක ගැන එතනින් අපට ඇඩ් බොලොක් කරන extension එකක් දාගන්න පුළුවන් මම ඔයාලට පහල ඒ වගේ google chrome web browser එකේ ඇඩ් බොලොක් කරන්න පුළුවන් extension දෙකක් දීල තියනව ඒ දෙක ඇඩ් කර ගත්තම කරදරකාරී ඇඩ් වදය ඉවරයි.


Ad Block

                                           Ad Block Plus
ඉහල ලින්ක් වලින් ගිහින් added to chrome කියන තැනින් ඇඩ් කරගන්න.






Tuesday, October 15, 2013

පරිගණක මෙහෙයුම් පද්ධති


මෙහෙයුම් පද්ධතියක් යනු පරිගණක සම්පත් කළමණාකරණය කර ක්‍රමලේඛකරුවන්ට / පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත් සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතියක් පද්ධති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සදහා වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්ධති සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි. මෙහෙයුම් පද්ධතියක්, මතකය පාලනය හා වෙන් කිරීම , පද්ධති ඉල්ලීම්වල ප්‍රමුඛතාව සැකසීම , ආදාන ප්‍රතිදාන උපකරණ පාලනය , පරිගණක ජාලකරණයට පහසුකම් සැලසීම හා ගොණු කළමණාකරණය වැනි මූලික කරුණු ඉටු කරයි. මෙහෙයුම් පද්ධතියක් පුද්ගලික පරිගණක , අන්තර්ජාල සේවාදායක , ජංගම දුරකතන , සංගීත ධාවක , රවුටර් , ස්විච , රැහැන් රහිත ප්‍රවේශ ස්ථාන (access point) , ජාල ගබඩා , ක්‍රීඩා කොන්සෝල , ඩිජිටල් කැමරා , මහන යන්ත්‍ර හා දුර දක්න වැනි සංගෘහිත පරිපථ යොදා ගෙන සාදනු ලබන සෑම දෙයකම පාහේ සොයා ගත හැක.

බොහෝමයක් වේලාවට පරිගණකයන් පණගැන්වීමේ දී පළමුවම ධාවනය වන කේතය මෙහෙයුම් පද්ධතිය නොවේ. පරිගණකයේ ක්‍රියාත්මක වන පළමු‍ කේතය සාමාන්‍යයෙන් ෆ්ලෑෂ් ROM හි ගබඩා කර ඇති අතර ෆර්ම් වෙයාර් මගින් ඇතුල් වේ. මෙය සමහරක් විට BIOS හෝ බූට් ROM (boot ROM) ලෙස හදුන්වනු ලැබේ. ෆර්ම් වෙයාර් මෙහෙයුම් පද්ධති කර්නලය (සාමාන්‍යයෙන් තැටියෙන් හෝ සමහර විට ජාලය හරහා ) ඇතුල්කර ක්‍රියාත්මක කරන අතර පරිශීලකයා තිරය මත දකින ප්‍රථම චිත්‍රක හෝ වදන් ප්‍රතිදානයට වගකිව යුත්තේ ද (firmware) ෆර්ම් වෙයාර්ය.

ලිනක්ස් , Mac OS X , මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා සෝලාරිස් (Solaris) නූතන බහුලව භාවිතා වන මෙහෙයුම් පද්ධති අතර වේ. මෙයින් වැඩතලය (desktop) මත වඩාත්ම ජනප්‍රිය වින්ඩෝස් වන අතර සේවාදායක පසුබිම් වලදී ලිනක්ස් වෙයි. ලිනක්ස් Mac OS X හා MS වින්ඩෝස් සියල්ලටම සේවාදායක හා පුද්ගලික වෙනස්කම් පවතී. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හැරුණු කොට පෙර සදහන් කරන ලද සියලු මෙහෙයුම් පද්ධති සැලසුම් කිරීමට දිරි ගැන්වීම හෝ කෙළින්ම සැලසුමම ලබා ගන්නේ යුනික්ස් මෙහෙයුම් පද්ධතියෙනි. 1960 පසු භාගයේ දී බෙල් පර්යේෂණාගාරවල නිපදවන ලද යුනික්ස් , බොහෝමයක් නොමිලේ බෙදා හරින හෝ වාණිජමය මෙහෙයුම් පද්ධතිවල දියුණුවට හේතු විය.

බොහෝමයක් පරිශීලකයන් මෙහෙයුම් පද්ධතිය , ඩෙක්ස්ටොප් වටපිටාවට සමාන කරයි.





මෙහෙයුම් පද්ධති - ඉතිහාසය


ප්‍රථම පරිගණකයේ මෙහෙයුම් පද්ධතියක් නොතිබුනි. 60 දශකය මුල් භාගය වන විට පරිගණක වෙළඳාම්කරුවන් කාණ්ඩ සැකසුම් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයන්, ලැයිස්තුගත කිරීම හා කාර්ය ක්‍රියාත්මක කිරීමේ ක්‍රම වේදයන් සංවර්ධිත කිරීම සඳහා තරමක් පුළුල් මෙවලම් සැපයීමට ක්‍රියා කලහ. මේ සඳහා උදාහරණ ලෙස UNIVAC මා Control Date ආයතන මඟින් නිපදවන ලදි.

· MS-DOS මඟින් මෙහෙයුම් පද්ධතියක ආකාර ලක්ෂණ බොහෝමයක් ඉදිරිපත් කරනු ලැබිනි. තැටි ප්‍රවේශය මේ සඳහා නිදසුනකි. කෙසේ වුවත් බොහෝමයක් මෙහෙයුම් පද්ධති මෙය සම්පුර්ණයෙන්ම මඟහැර කෙලින්ම දෘඩාංග මත ක්‍රියාත්මක වීමට ඉඩකඩ සකසා දිනි.

· මෙහෙයුම් පද්ධති මුලින්ම යොදා ගෙන තිබුනේ මහා පරිගණක වලදීය. එහෙත් පසුව මුලික ක්ෂුද්‍ර පරිගණක මෙහෙයුම් පද්ධති කළමනාකරණය ලැයිස්තුගත කිරීම භාවිතා කර වරකට එක් වැඩසටහනක් පමණක් ක්‍රියාකිරීමට අවකාශ සලසා දිනි. සෑම වැඩසටහනක්ම එය ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය පුරාවටම එම පරිගණකය කෙරේ පුර්ණ පාලනයකින් යුක්ත විය. බහුකාර්යකරණය (කාල සම්භාවිත කිරීම) මහා පරිගණකවල භාවිතයට මුලින්ම පැමිණියේ 60 දශකයේදීය.

· 1969-70 කාල පරිච්ඡේදයේ දී ප්‍රථම වතාවට UNIX මුලින්ම PDP-7 හා පසුව PDP-11 මඟින් ඉදිරිපත් විණි. එය ඉතා ඉක්මණින් වේදිකා කිහිපයක් හරහා කාල සම්භාවිතය ක්‍රියාත්මක වීමේ සාර්ථකත්වය පෙන්වුයේ ‍පුර්වක්‍ර බහුකාර්යකරණය, උසස් මතක කළමනාකරණය, මතක ආරක්ෂණය සහ අනෙකුත් උසස් ලක්ෂණ සඳහා සංග්‍රාහකයෙක් ලෙස ක්‍රියා කරමිනි. UNIX ඉතා ඉක්මනින් මහා පරිගණක හා මධ්‍ය පරිගණක මෙහෙයුම් පද්ධයක් ලෙස ජනප්‍රියත්වයට පත්විණි. · 1980 මුල් භාගයේ දී IBM-PC හා IBM PC XT ඇතුළු ක්ෂුද්‍ර පරිගණක කිහිපයක් UNIX ආකාර මෙහෙයුම් පද්ධතියක් වන Microsoft Xenix ධාවනය කිරීමේ හැකියාව පෙන්විය. තවද Microsoft ආයතනය විසින් ඔවුන්ගේ ඒක පරිශිලක මෙහෙයුම් පද්ධති වෙනුවට බදු පරිශිලක මෙහෙයුම් පද්ධතියක් ලෙස ඉතා අධික අලෙවිකරණ ව්‍යාපෘතියකට බදුන් කෙරිණි. නමුත් මෙම පුද්ගලික පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය(CPU) මඟින් එහි කරන කාර්ය මතක ආරක්ෂණය හා ද්විත්ව ‍මාධ්‍ය මෙහෙයුම ක්‍රියාකිරීමට අවස්ථාව සලසා දීමට අපොහොසත් විය. එම නිසා Microsoft Xenix සහයෝගි බහුකාර්යකරණය මත විශ්වාසය තැබු අතර ආරක්ෂිත මතකයන්ද එහි නොවීය.

· 80286 මුලික IBM PCAT පරිගණකය වු කලි ද්විත්ව මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා මතක ආරක්ෂණය සැලසීමට සමත් වු ප්‍රථම පරිගණකය හා සම්භාවය Mac-OS හා Microsoft Windows 1.0-Me සහයෝගි බහුකාර්යණයට උසස් වු අතර ඒවා ආරක්ෂිත මතකයන්ගෙන් ලබා ගත හැකි ආයෝජන උපරිම වශයෙන් ලබා ගැනීමේදී සිමාසහිත විය. මෙම මෙහෙයුම් පද්ධති මත ධාවනය වන යෙදුම් ක්‍රමලේඛ ඒවා ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හිදි ලැයිස්තුගතකරණයට CPUහි කාලය ඉතිරිකර දීම සඳහා පෙර නිමිතිව හෝ ක්‍රමවේදයක් භාවිතා කර එය ඉටු කර දීම හෝ මිශ්‍ර කළ යුතු විය.

· Windows NT සඳහා පාදක වු මෙහෙයුම් පද්ධති කාර්යාලය, Digital Equipment Corporation හි VMS නිර්මාණය කළ කණ්ඩායම විසින්ම නිමවන ලද්දකි. මෙම මෙහෙයුම් පද්ධති UNIX ආකාර වු අතර එය සියලු වැඩසටහන් සඳහා වු ආරක්ෂිත මාධ්‍ය මෙහෙයුම්, කාර්ය මතක ආරක්ෂණය, පුර්වක්‍ර බහුකාර්යකරණය, අතථ්‍ය(Vertual) ගොනු පද්ධති සඳහා සහයෝගය හා නොයෙකුත් මේආදි සේවා සපයන්නෙකු ලෙස නිර්මිතය. · සම්භාවනීය AmigaOS හා Windows 1.0-Me යන මෙහෙයුම් පද්ධති සකසුන්වන් මඟින් ධාවන කාලයේදී ආදේශනය කරන ලද සම්පත් නියමාකාර ලෙස සලකුණු කර ගැනීමට අසමත් විය. එක් සකසුවක් අවසන් කිරීමට සිදු වු විට එය මඟින් එතෙක් භාවිතා වෙමින් තිබු සම්පත් වෙනත් වැඩසටහනක් ‍වෙනුවෙන් නිදහස් කිරීම නැවත පරිගණකය පණගන්වන තෙක් සිදුකල නොහැකි විය.

එමෙන්ම විවෘත මුදුකාංග මෙහෙයුම් පද්දතියක් ලෙස උබුන්ටු(UBUNTU)හැදින්විය හැක.ලෝකයේ මිලියන 12 ජනතාවක් උබුන්ටු භාවිතාකරයි.සබැඳියෙහි ශීර්ෂය ‍මගින් නොමිලේ උබුන්ටු සිඩිතැටියක් ගෙදරටම ගෙන්වාගත හැක.


උපුටා ගැනීම් - wikipedia