MAHESH

Thursday, October 31, 2013

Eusing Maze Lock


Eusing Maze Lock  කියන මෘදුකාංගය මගින් අපිට පුළුවන් ඇන්ඩ්‍රොයිඩ් පෝන් වල තියන වගේ පැටි ලොක් එකක්  අපේ පරිගණකයට දාගන්න මෙම මෘදුකාංගය පොඩි මෘදුකාංගයක් මේක මගින් අපිට පුළුවන් අපේ පරිගණකයේ තිබුනු ඒකාකාරී බව නැති කර ගෙන පරිගණකයට ලස්සනක් එකතු කර ගන්න. පහල තියනව Eusing Maze Lock මෘදුකාංගය ඔයාලත් බාගෙනම බලන්න කොහොමද වැඩ කියල.

1 MB








Tuesday, October 29, 2013

මවුස් එක වෙනුවට වෙබ් කැම් එක පාවිච්චි කරමු


npointer කියන මෘදුකාංගය තමයි අද මම ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ. මේ මෘදුකාංගය මගින් අපිට පුළුවන් වෙබ් කැම් එක ආදාරයෙන් මවුස් එකක් නැතිව පරිගණකයේ වැඩ කරන්න. මේ npointer මෘදුකාංගයේ පෝටබල් එක පහල තියනව මේක පරිගණකයේ ස්ථාපිත කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. පහලින් බාගතකරගෙන බලන්න.
1.9 MB



Wednesday, October 23, 2013

හස්ථ සංඥා මගින් වැඩ කරන්න


හස්ථ සංඥා මගින් වැඩ  කරනව කිව්වම කවුරුත් දන්නව. දැනට පරිණක හස්ථ සංඥා මගින් හසුරුවන්න පුළුවන් උපකරණ නිපදවල තිබුනත් එම උපකරණ බොහෝමයක් පවතින්නේ පරීක්ෂණ මට්ටමේ. ඉතින් ඒ ඇරත් ඔය උපකරණ වල මිල ඉතින් අපට හිතා ගන්න පුළුවන්නේ. අද ඔයාලට මම අරගෙන ආවේ flutter කියල මෘදුකාංගයක්. මේ මෘදුකාංගය මගින් ඔයාලට පොඩි Fun එකක් ගන්න පුළුවන්. මේ මෘදුකාංගය මගින් ඔයාලට පුළුවන් යූ ටියුබ් හා වීඩියෝ ප්ලේයර් කීපයක් හස්ථසංඥා මගින් හසුරුවන්න. මේ මෘදුකාංගයෙන් වැඩ ගන්න නම් අනිවාරයෙන්ම අපිට වෙබ් කැම් එකක් තියෙන්න වෙනව. (වෙබ් කැම් එකෙන් කමයි අපි දෙන සංඥාව හදුන ගන්නෙ) ලැප්ටොප් වලට වගේනම් මේක ගොඩක් ලස්සනයි. පහල තියනව මෘදුකාංගය බාගතකර ගෙනම බලන්න.
( වින්ඩෝස් මීඩියා ප්ලේයර් එකටයි, වී.එල්.සී ප්ලේයර් එකටයි හොදටම වැඩ මේ මෘදුකාංගය)

4 MB









Friday, October 18, 2013

Firefox 25.0 Beta 9 අලුත්ම එක


Firefox  වෙබ් බවුසර් එක පාවිච්චි කරන්න කැමති අය වෙනුවෙන් අද මම අරගෙන ආවේ Firefox වල අලුතින්ම නිකුත් වෙලා තියන වර්ශන් එක Firefox  25.0 Beta 9 වෙබ් බවුසර් එක අරගෙන. Firefox පාවිච්චි කරන්න ආස අයට පහල තියනව බාගෙන බලන්න.
22.21MB



Title:Firefox 25.0 Beta 9
Filename:Firefox Setup 25.0b9.exe
File size:22.21MB (23,293,952 bytes)
Requirements:Windows 2000 / XP / Vista / Windows7 / XP64 / Vista64 / Windows7 64 / Windows8 / Windows8 64
Languages:en-US
License:Open Source
Date added:October 18, 2013



Wednesday, October 16, 2013

කරදරකාරී ඇඩි Block කරමු


අන්කර්ජාලය භාවිතා කිරීමේදී ඇඩ් වලින් ඇති කරදරය ඉතින් අපි කවුරුත් දන්නව. සමහර වෙඩ් අඩවි වල ඇඩ් වැහි වැහැල. හැම තැනම ඇඩි අපේ ඩේට වලිනුත් යම් ප්‍රමාණයක් නිකරුනේ අපතේ යනව අනික තමයි මමත් අන්තර්ජාලය භාවිතා කරන්න ගත් මුල් අවදියේ මේ ඇඩ් වලින් පුදුම දුකක් වින්දේ ඇඩ් බොලොක් කරන්න පුළුවන් විදියේ මෘදුකාංග ගොඩක් තියනව මම අද ඔයාල වෙනුවෙන් අරගෙන ආවේ google chrome web browser එක පාවිච්චි කරල අන්තර්ජාලයේ සැරිසරද්දි ඇඩි වලින් ඇති වදය නවත්ත ගන්නේ කොහොමද කියල. ඔයාල කවුරුත් දන්ව  ඇති  google chrome web browser  එකේ extension කියන එක ගැන එතනින් අපට ඇඩ් බොලොක් කරන extension එකක් දාගන්න පුළුවන් මම ඔයාලට පහල ඒ වගේ google chrome web browser එකේ ඇඩ් බොලොක් කරන්න පුළුවන් extension දෙකක් දීල තියනව ඒ දෙක ඇඩ් කර ගත්තම කරදරකාරී ඇඩ් වදය ඉවරයි.


Ad Block

                                           Ad Block Plus
ඉහල ලින්ක් වලින් ගිහින් added to chrome කියන තැනින් ඇඩ් කරගන්න.






Tuesday, October 15, 2013

පරිගණක මෙහෙයුම් පද්ධති


මෙහෙයුම් පද්ධතියක් යනු පරිගණක සම්පත් කළමණාකරණය කර ක්‍රමලේඛකරුවන්ට / පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත් සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතියක් පද්ධති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සදහා වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්ධති සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි. මෙහෙයුම් පද්ධතියක්, මතකය පාලනය හා වෙන් කිරීම , පද්ධති ඉල්ලීම්වල ප්‍රමුඛතාව සැකසීම , ආදාන ප්‍රතිදාන උපකරණ පාලනය , පරිගණක ජාලකරණයට පහසුකම් සැලසීම හා ගොණු කළමණාකරණය වැනි මූලික කරුණු ඉටු කරයි. මෙහෙයුම් පද්ධතියක් පුද්ගලික පරිගණක , අන්තර්ජාල සේවාදායක , ජංගම දුරකතන , සංගීත ධාවක , රවුටර් , ස්විච , රැහැන් රහිත ප්‍රවේශ ස්ථාන (access point) , ජාල ගබඩා , ක්‍රීඩා කොන්සෝල , ඩිජිටල් කැමරා , මහන යන්ත්‍ර හා දුර දක්න වැනි සංගෘහිත පරිපථ යොදා ගෙන සාදනු ලබන සෑම දෙයකම පාහේ සොයා ගත හැක.

බොහෝමයක් වේලාවට පරිගණකයන් පණගැන්වීමේ දී පළමුවම ධාවනය වන කේතය මෙහෙයුම් පද්ධතිය නොවේ. පරිගණකයේ ක්‍රියාත්මක වන පළමු‍ කේතය සාමාන්‍යයෙන් ෆ්ලෑෂ් ROM හි ගබඩා කර ඇති අතර ෆර්ම් වෙයාර් මගින් ඇතුල් වේ. මෙය සමහරක් විට BIOS හෝ බූට් ROM (boot ROM) ලෙස හදුන්වනු ලැබේ. ෆර්ම් වෙයාර් මෙහෙයුම් පද්ධති කර්නලය (සාමාන්‍යයෙන් තැටියෙන් හෝ සමහර විට ජාලය හරහා ) ඇතුල්කර ක්‍රියාත්මක කරන අතර පරිශීලකයා තිරය මත දකින ප්‍රථම චිත්‍රක හෝ වදන් ප්‍රතිදානයට වගකිව යුත්තේ ද (firmware) ෆර්ම් වෙයාර්ය.

ලිනක්ස් , Mac OS X , මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා සෝලාරිස් (Solaris) නූතන බහුලව භාවිතා වන මෙහෙයුම් පද්ධති අතර වේ. මෙයින් වැඩතලය (desktop) මත වඩාත්ම ජනප්‍රිය වින්ඩෝස් වන අතර සේවාදායක පසුබිම් වලදී ලිනක්ස් වෙයි. ලිනක්ස් Mac OS X හා MS වින්ඩෝස් සියල්ලටම සේවාදායක හා පුද්ගලික වෙනස්කම් පවතී. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හැරුණු කොට පෙර සදහන් කරන ලද සියලු මෙහෙයුම් පද්ධති සැලසුම් කිරීමට දිරි ගැන්වීම හෝ කෙළින්ම සැලසුමම ලබා ගන්නේ යුනික්ස් මෙහෙයුම් පද්ධතියෙනි. 1960 පසු භාගයේ දී බෙල් පර්යේෂණාගාරවල නිපදවන ලද යුනික්ස් , බොහෝමයක් නොමිලේ බෙදා හරින හෝ වාණිජමය මෙහෙයුම් පද්ධතිවල දියුණුවට හේතු විය.

බොහෝමයක් පරිශීලකයන් මෙහෙයුම් පද්ධතිය , ඩෙක්ස්ටොප් වටපිටාවට සමාන කරයි.





මෙහෙයුම් පද්ධති - ඉතිහාසය


ප්‍රථම පරිගණකයේ මෙහෙයුම් පද්ධතියක් නොතිබුනි. 60 දශකය මුල් භාගය වන විට පරිගණක වෙළඳාම්කරුවන් කාණ්ඩ සැකසුම් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයන්, ලැයිස්තුගත කිරීම හා කාර්ය ක්‍රියාත්මක කිරීමේ ක්‍රම වේදයන් සංවර්ධිත කිරීම සඳහා තරමක් පුළුල් මෙවලම් සැපයීමට ක්‍රියා කලහ. මේ සඳහා උදාහරණ ලෙස UNIVAC මා Control Date ආයතන මඟින් නිපදවන ලදි.

· MS-DOS මඟින් මෙහෙයුම් පද්ධතියක ආකාර ලක්ෂණ බොහෝමයක් ඉදිරිපත් කරනු ලැබිනි. තැටි ප්‍රවේශය මේ සඳහා නිදසුනකි. කෙසේ වුවත් බොහෝමයක් මෙහෙයුම් පද්ධති මෙය සම්පුර්ණයෙන්ම මඟහැර කෙලින්ම දෘඩාංග මත ක්‍රියාත්මක වීමට ඉඩකඩ සකසා දිනි.

· මෙහෙයුම් පද්ධති මුලින්ම යොදා ගෙන තිබුනේ මහා පරිගණක වලදීය. එහෙත් පසුව මුලික ක්ෂුද්‍ර පරිගණක මෙහෙයුම් පද්ධති කළමනාකරණය ලැයිස්තුගත කිරීම භාවිතා කර වරකට එක් වැඩසටහනක් පමණක් ක්‍රියාකිරීමට අවකාශ සලසා දිනි. සෑම වැඩසටහනක්ම එය ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය පුරාවටම එම පරිගණකය කෙරේ පුර්ණ පාලනයකින් යුක්ත විය. බහුකාර්යකරණය (කාල සම්භාවිත කිරීම) මහා පරිගණකවල භාවිතයට මුලින්ම පැමිණියේ 60 දශකයේදීය.

· 1969-70 කාල පරිච්ඡේදයේ දී ප්‍රථම වතාවට UNIX මුලින්ම PDP-7 හා පසුව PDP-11 මඟින් ඉදිරිපත් විණි. එය ඉතා ඉක්මණින් වේදිකා කිහිපයක් හරහා කාල සම්භාවිතය ක්‍රියාත්මක වීමේ සාර්ථකත්වය පෙන්වුයේ ‍පුර්වක්‍ර බහුකාර්යකරණය, උසස් මතක කළමනාකරණය, මතක ආරක්ෂණය සහ අනෙකුත් උසස් ලක්ෂණ සඳහා සංග්‍රාහකයෙක් ලෙස ක්‍රියා කරමිනි. UNIX ඉතා ඉක්මනින් මහා පරිගණක හා මධ්‍ය පරිගණක මෙහෙයුම් පද්ධයක් ලෙස ජනප්‍රියත්වයට පත්විණි. · 1980 මුල් භාගයේ දී IBM-PC හා IBM PC XT ඇතුළු ක්ෂුද්‍ර පරිගණක කිහිපයක් UNIX ආකාර මෙහෙයුම් පද්ධතියක් වන Microsoft Xenix ධාවනය කිරීමේ හැකියාව පෙන්විය. තවද Microsoft ආයතනය විසින් ඔවුන්ගේ ඒක පරිශිලක මෙහෙයුම් පද්ධති වෙනුවට බදු පරිශිලක මෙහෙයුම් පද්ධතියක් ලෙස ඉතා අධික අලෙවිකරණ ව්‍යාපෘතියකට බදුන් කෙරිණි. නමුත් මෙම පුද්ගලික පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය(CPU) මඟින් එහි කරන කාර්ය මතක ආරක්ෂණය හා ද්විත්ව ‍මාධ්‍ය මෙහෙයුම ක්‍රියාකිරීමට අවස්ථාව සලසා දීමට අපොහොසත් විය. එම නිසා Microsoft Xenix සහයෝගි බහුකාර්යකරණය මත විශ්වාසය තැබු අතර ආරක්ෂිත මතකයන්ද එහි නොවීය.

· 80286 මුලික IBM PCAT පරිගණකය වු කලි ද්විත්ව මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා මතක ආරක්ෂණය සැලසීමට සමත් වු ප්‍රථම පරිගණකය හා සම්භාවය Mac-OS හා Microsoft Windows 1.0-Me සහයෝගි බහුකාර්යණයට උසස් වු අතර ඒවා ආරක්ෂිත මතකයන්ගෙන් ලබා ගත හැකි ආයෝජන උපරිම වශයෙන් ලබා ගැනීමේදී සිමාසහිත විය. මෙම මෙහෙයුම් පද්ධති මත ධාවනය වන යෙදුම් ක්‍රමලේඛ ඒවා ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හිදි ලැයිස්තුගතකරණයට CPUහි කාලය ඉතිරිකර දීම සඳහා පෙර නිමිතිව හෝ ක්‍රමවේදයක් භාවිතා කර එය ඉටු කර දීම හෝ මිශ්‍ර කළ යුතු විය.

· Windows NT සඳහා පාදක වු මෙහෙයුම් පද්ධති කාර්යාලය, Digital Equipment Corporation හි VMS නිර්මාණය කළ කණ්ඩායම විසින්ම නිමවන ලද්දකි. මෙම මෙහෙයුම් පද්ධති UNIX ආකාර වු අතර එය සියලු වැඩසටහන් සඳහා වු ආරක්ෂිත මාධ්‍ය මෙහෙයුම්, කාර්ය මතක ආරක්ෂණය, පුර්වක්‍ර බහුකාර්යකරණය, අතථ්‍ය(Vertual) ගොනු පද්ධති සඳහා සහයෝගය හා නොයෙකුත් මේආදි සේවා සපයන්නෙකු ලෙස නිර්මිතය. · සම්භාවනීය AmigaOS හා Windows 1.0-Me යන මෙහෙයුම් පද්ධති සකසුන්වන් මඟින් ධාවන කාලයේදී ආදේශනය කරන ලද සම්පත් නියමාකාර ලෙස සලකුණු කර ගැනීමට අසමත් විය. එක් සකසුවක් අවසන් කිරීමට සිදු වු විට එය මඟින් එතෙක් භාවිතා වෙමින් තිබු සම්පත් වෙනත් වැඩසටහනක් ‍වෙනුවෙන් නිදහස් කිරීම නැවත පරිගණකය පණගන්වන තෙක් සිදුකල නොහැකි විය.

එමෙන්ම විවෘත මුදුකාංග මෙහෙයුම් පද්දතියක් ලෙස උබුන්ටු(UBUNTU)හැදින්විය හැක.ලෝකයේ මිලියන 12 ජනතාවක් උබුන්ටු භාවිතාකරයි.සබැඳියෙහි ශීර්ෂය ‍මගින් නොමිලේ උබුන්ටු සිඩිතැටියක් ගෙදරටම ගෙන්වාගත හැක.


උපුටා ගැනීම් - wikipedia



නැනෝ තාක්ෂණය


තාක්ෂණය වර්තමානයේ ලොව පුරාම අවධානයට, සාකච්ඡාවට, ප‍රීක්ෂණ වලට වගේම අභියෝගයට ලක්වී ඇති ක්ෂේත්‍රයකි. විවිධ ක්ෂේත්‍ර තුළ මේ ගැන ප‍රීක්ෂන සිදු කෙරෙමින් පවතී. මෙය නිසා ලොව පුරාම විශාල වෙනසක්, පුදුම සහගත පෙරළියක් සිදුවෙතැයි සියළු දෙනා බලාපොරොත්තු වෙති. ගල් යුගයෙන් අරඹා, ගින්ද‍ර සොයාගෙන, රෝදය නිෂ්පාදනය කර, ක්‍රම ක්‍රමයෙන් දියුණු වී ලෝහ සොයා ගැනීමත් සමඟ කෘෂි කර්මාන්තයේ හා අනෙකුත් ක්ෂේත්‍ර වල විශාල දියුණුවක් සිදු විය. ඉන් පසු කාර්මික විප්ලවය සමඟ තවත් නව සොයා ගැනීම්, දියුණු කිරීම් සිදු විය. මේ එම කාර්මික විප්ලවයේ ඊළඟ අදියරයි, නැනෝ තාක්ෂණය හ‍රහා සිදු වීමට යන දියුණුව.
  නැනෝතාක්‍ෂණය පිළිබඳ මුල්ම සිතිවිල්ල 1959 තරම් ඈතට දිවයනවා. කැලිෆෝනියා පොලිටෙක්නික් විශ්ව විද්‍යාලයේදී පැවති අමෙරිකානු භෞතික විද්‍යා සංගමයේ සැසිවාරයකදී භෞතික විද්‍යාඥ රිචර්ඩ් ෆෙයින්මන් විසින් කරන ලද “There’s Plenty of Room at the Bottom” නම් දේශනයේදී මුලින්ම මේ නැනෝ-තාක්‍ෂණය යන වදන ප්‍රකාශ වූ බවයි පැවසෙන්නේ. ඔහු එහිදී පැවසුවේ පරමාණු සහ අණු තනි තනිව හැසිරවීම මගින් ඒවායේ ගුණ පාලනය කර නව ද්‍රව්‍ය තැනිය හැකි බවයි. 



මේ පිළිබඳ වරින් වර විද්‍යාත්මක සමාජයේ විවිධ කතිකා ඇති වුනත් නැනෝතාක්‍ෂණය විශාල පිම්මක් පැන්නේ 1980 දශකයේ දී සිදු වූ සිදුවීම් කිහිපයක් මතයි. Cluster Science නම් වූ භෞතික විද්‍යාවේ නවතම අංශයක් ඇතිවීම සහ Scanning Tunneling Microscope – STM (සිංහලෙන් පරිලෝකන උමං අන්වීක්‍ෂය විය හැකියි) සොයාගැනීම නැනෝ තාක්‍ෂණය මෙතරම් දියුණු වීමට හේතු වූ ප්‍රධාන කරුණු දෙකයි. එය මීට පෙර දැකිය නොහැකිව තිබූ කුඩා ප්‍රමාණයේ ද්‍රව්‍ය නිරීක්‍ෂණය කිරීමේ වරම විද්‍යාඥයින්ට ලබා දුන්නා. ඒසමඟම වාගේ අමෙරිකාවේ රයිස් විශ්ව විද්‍යලයේ මහාචාර්ය රිචර්ඩ් ස්මෝලි විසින් 1985 දී සොයාගත් ෆුලරීන්, බකිබෝල්, සහ ඊට වසර කිහිපයකට පසු සොයාගත් කාබන් නැනෝටියුබ් ආදිය විද්‍යාත්මක කරලියට පැමිණියා. නැනෝ ස්ඵටික, ක්වොන්ටම් තිත්, Atomic Force Microscope (AFM – පරමාණුක බල අන්වීක්‍ෂය) ආදිය පැමිණීමත් සමඟ සෑම දෙනාම නැනෝතාක්‍ෂණය පිළිබඳ උනන්දු වන්නට පටන් ගත්තා. STM සොයාගත් ජර්මන් භෞතික විද්‍යාඥ ජර්ඩ් බිනින්ග් සහ ස්විස් විද්‍යාඥ හෙන්රිච් රෝරර් මෙන්ම ෆුලරීන් සොයාගත් අමෙරිකානු විද්‍යාඥ රිචර්ඩ් ස්මෝලි ද 1986 වසරේදී පිළිවෙලින් භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබුවා..



නැනෝතාක්‍ෂණය (Nanotechnology) පිළිබඳ කතා කරන්න පටන් අරන්. නැනෝතාක්‍ෂණය කියලා කියන්නේ පරමාණුක සහ අණුක පරිමාණයේදි (Atomic and Molecular Scale) ද්‍රව්‍ය හැසිරවීමයි. නැනෝතාක්‍ෂණයේදී ඒ ත්‍රිමාණ හෝ ද්වි මාන ද්‍රව්‍ය අවම වශයෙන් එක් මානයකදී හෝ නැනෝ මීටර 1ත් 100 ත් අතර පරිමාණයේ තිබීම වැදගත්. මෙහිදී පරිමාණය වැදගත් වන්නේ නැනෝද්‍රව්‍ය (Nanomaterials) වල ගුණ සියල්ල ඒ මත රඳා පවතින නිසා. ඒ කියන්නේ නැනෝ ද්‍රව්‍ය ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ (Quantum Mechanics ) නියම වලට අනුව හැසිරෙන්නේ මෙම පරිමාණය තුළදියි. නැනෝද්‍රව්‍ය එම පරිමාණයෙන් පිටතට ගියවිට හැසිරෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් උසස් යාන්ත්‍ර විද්‍යාත්මක (Classical Mechanics) නියම වලට අනුවයි. එවිට ඒවායේ ගුණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැනටමත් නැනෝතාක්‍ෂණය මිනිස් ජීවිත විශාල පරිවර්තනයකට ලක් කර තිබෙනවා. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාව, ඉලෙක්ට්‍රොණික උපකරණ, ජීව ද්‍රව්‍ය (Biomaterials) බලශක්ති ජනනය, උත්ප්‍රේරක, නව ප්ලාස්ටික්- පොලිමර් (බහුඅවයවික) ආදී විවිධ ක්‍ෂෙත්‍රවල දැනටමත් විශාල ආචරණයක් ඇති කිරීමට නැනෝද්‍රව්‍ය සමත් වී තිබෙනවා.


නැනෝ පෙරණ
මෙතෙක් කල් භාවිත කරන ලද පෙරහන් හරහා කුඩා ක්ෂුද්‍ර ජීවීන්ට සංසරණය විය හැකිය, නමුත් මෙම නිනිති පෙරහණ්, කිසිදු ජීවියෙකුට යා නොහැකි පරිදි සකසා ඇත. මෑතකදී මහත් ආන්දෝලනයට පාත්‍ර වූ "සාස්" වයිරසය ශරීර ගතවූ රෝගීන් පරික්ෂාවේදී වෛද්‍ය කණ්ඩායම් මෙවැනි නැනෝ පෙරහන් භාවිතා කළහ. නැනෝ තාක්ෂණය අතිශය බහු ක්ෂේත්‍රීය වූ ක්ෂේත්‍රයක් වන අතර ව්‍යවහාරික භෞතික විද්‍යාව , ද්‍රව්‍ය විද්‍යාව , අතුරු මුහුණත් හා කලිල විද්‍යාව , උපකරණ භෞතික විද්‍යාව , අති අණුක රසායන විද්‍යාව ( අණුවල සහ සංයුජ නොවන බන්ධනමය අන්තර්ක්‍රියා අරමුණු කොට ඇති රසායන විද්‍යා කොටස වේ.) ස්වයං ප්‍රතිගුණ යන්ත්‍ර සහ රොබෝතාක්ෂණය ,රසායනික ඉංජිනේරු විද්‍යාව ,යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, ජෛව ඉංජිනේරු විද්‍යාව හා විදුලි ඉංජිනේරු විද්‍යාව යන ක්ෂේත්‍රවලින් නැනෝ තාක්ෂණයට දායක වේ. නැනෝ තාක්ෂණය යටතට විද්‍යා ක්ෂේත්‍ර කාණ්ඩ කිරීම නැනෝ පරිමාණයේ කටයුතු මෙහෙයවන විද්‍යාවන් වෙන්කර ගැනීමේ අපහසු කම ගැටළුවක් බවට පත්ව තිබේ. විද්‍යාවේ සියලු ක්ෂෙත්‍රයන් අතර පොදු වන එකම තාක්ෂණික යෙදුම් කාණ්ඩය උපකරණ භාවිතය වේ. එය නොසලකා හැරී විට ඖෂධ නිෂ්පාදන සමාගම් සහ අර්ධ සන්නායක නිෂ්පාදන සමාගම් අතර වෙනත් සම්බන්ධතා නොතිබෙන අතර එසේ තිබීමේ අවශ්‍යතාවක්ද නොපවතී. නමුත් මෙම ක්ෂෙත්‍ර යුගලේම නැනෝ පරිමාණ හැසිරවීම් සඳහා උපකරණ භාවිත වේ. තවද තම නිෂ්පාදනය නැනෝ තාක්ෂණය යැයි නම් කරන සමාගම් පවා සිය නිෂ්පාදන කිසියම් නිශ්චිත කාර්මික ක්ෂේත්‍රයකට පමණක් වෙළඳාම් කරනු ලබයි. නැනෝ තාක්ෂණයේ භාවිතා කරන ප්‍රධාන ගොඩනැගුම් ආකාර දෙකක් ඇත. ‘පහළ සිට ඉහළට’ ගොඩනැගුම් ක්‍රම‍ෙයදී අණුක හඳුනා ගැනීම් මූල ධර්ම අනුව රසායනිකව ස්වයංව එකලස් වන අණුක කොටස්වලින් ද්‍රව්‍ය හා උපාංග නිපදවනු ලැබේ. ‘ඉහළ සිට පහළට’ පිවිසුමේ දී විශාල වස්තූන්වලින් පරමාණුක මට්ටම් පාලනයකින් තොරව නිතිනි - වස්තූන් ගොඩනගනු ලැබේ. අතුරු මුහුනත් හා කලිල විද්‍යාව පිළිබඳ ඇති වූ නව උනන්දුවක් , පරමාණුක බල අණ්වීක්ෂය [atomic force microscope](AFM)හා පරිලෝකන උමං අන්වීක්ෂය [Scanning tunneling microscope](STM) ආදී නව පරම්පරාවේ විශ්ලේෂක උපකරණ නිසාත් නැනෝ තාක්ෂණය පිළිබඳ උනන්දුවක් ඇතිව තිබේ. වඩාත් සූක්ෂම තත්වයේ වන ඉලෙක්ට්‍රෝන කදම්භ මුද්‍රණ ක්‍රම සහ molecular beam epitaxy, (තනි පළිඟු වෙන්කොට නිදන්ගත කර ගන්නා ලද ක්‍රමයකි) ආදිය සමග යෙදු විට ඉහත උපරණ මගින් නැනෝ පරිමාණ ව්‍යුහයන්ට අවශ්‍ය පරිදි පාලනයට හා වෙනස් කිරීමට හැකි අතර ඒ ඔස්සේ පෙර නොවූ විරූ පුදුමාකාර සංසිද්ධීන් නිරීක්ෂණයන්ටද ඉඩ සැලසී තිබේ. අණුක ව්‍යුහය මත පදනම්ව බහු අවයවික නිෂ්පාදනයන්, පෘෂ්ඨික විද්‍යාව පදනම් කරගනිමින් පරිගණක විද්‍යා උපාංග පිහිටුම් සැලසුම් කිරීම නැනෝ තාක්ෂණික යෙදුම් සඳහා උදාහරණ වේ. ක්වොන්ටම් ලප හා නැනෝ තල වැනි ක්වොන්ටම් තාක්ෂණික ක්ෂෙත්‍ර පිළිබඳ දැඩි බලාපොරොත්තු තබා ඇති මුත් නැනෝ අංශු කලිල ආකාරයට සමූහ වශයෙන් භාවිතා වන සූර්ය රශ්මි ආලේපන(suntan lotion) සහ වෙනත් රූපලාවන්‍ය ආලේපන ආරක්ෂක ආලේපනයත් ඖෂධ පරිවාහක සහ කුණු පැල්ලම්වලට ප්‍රතිරෝධී ඇඳුම් පැළඳුම් ආදියත් ප්‍රධාන වශයෙන්ම වාණිජමය වශයෙන් ප්‍රයෝජනවත් වූ නිපැයුම් බවට පත්ව තිබේ.
නැනෝ සංයෝග
මෙයට ඉතා කුඩා පරිමාණයේ ව්‍යුහ ඇති විශේෂ ගුණ සහිත අංශු වල ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ අධ්‍යයනය ඇතුලත් වේ. අන්තර්කලාප හා ඛලිලමය විද්‍යාව නැනෝ තාක්ෂණය ය‍ටතේ බොහෝ අංශු වල ගැන එන්ම C (nano fuhes) හා අනෙකුත් කුඩා දිලිසෙන අංශු වල ගුණ අධ්‍යයනය කළ හැක. ඉතා කුඩා පරිමාණයේ අංශු සාමාත්යිත යෙදුම් සදහා එනම් වාණිජමය ප්‍රයෝජන සදහා බහුලව යොදා ගනී. නැනෝ වෛද්‍ය විද්‍යාව යටතේ මෙවැනි ක්ෂුද්‍ර අංශු වෛද්‍ය විද්‍යාව සදහා යොදා ගන්නා ආකාරය සලකා බලයි. පතුලේ සිට ක්‍රමයෙන් සකස්වීමේ ක්‍රමය (Bottom up approachs) මෙහිදී කුඩා සංයෝග සංකීර්ණ සංයෝග දක්වා සකස් වීම සලකා බලයි. DNA නැනෝ පරීක්ෂණය මෙහිදී වොට්සන් හා ක්‍රික්‍ගේ DNA වල ද්විත්ව හෙලික්සිය ව්‍යුහයේ භෂ්ම යුගල සකස්විම හා අනෙකුත් න්‍යෂ්ටික අමිල වන ව්‍යුහයේ විශේෂතා සලකා බලයි. අණුවල විවිධ හැඩයන්ගෙන් යුත් සජයෝග රසායනිකව නිෂ්පාදනය කිරිම සදහා පිවිසිම. අණු තනිව හෝ කිහිපයක් එකතු වී සකස් වීම උසස් අණුක රාසයනික විද්‍යාව යන සංකල්පය යටතේ හැදෑරිය යුතු අතර එමගින් අණුවල සකස්විම සම්බන්ධ විශේෂ තෝරතුරැ හදුනා ගත හැක.

උපුටා ගැනීම් wikipedia



Sunday, October 13, 2013

windows 8 අලුත්ම ඇක්ටිවේටර් එක


windows 8 පාවිච්චි කරන්න අපේ ගොඩක් අය ආස වුනාට ඉතින් මොනව කරන්නද අපිට නොමිලේ windows 8 දෙන්නේ නැහැ. අපි වගේ රටවල් වල බහුතරයකට මුදල් ගෙවල ගන්න තරම් වත් කමක් නැහැ. හැබැයි ඉතින් අපි ගැන හිතන අය මෘදුකාංග හොරෙන් පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම හදනව windows 8 එකටත් මේ වගේ ක්‍රම ගොඩක් තිබුනත් සාර්ථක ක්‍රම තියෙන්නේ එයින් කීපයයි. ගොඩක් ඒව ටික දවසක් යද්දී හොර කොපි කියල අහුවෙනව ඒ නිසා තමයි මම අද යාල වෙනුවෙන් windows 8 එකට අලුතින්ම හදපු ඇක්ටිවේටර් එකක් අරගෙන ආවේ. වින්ඩෝස් 8 ට්‍රයල් එක ගොඩක් අය ලග තියනව ට්‍රයල් එක දාල මේ ඇක්ටිවේටර් එක දැම්මම වැඩේ හරි. ඇත්ත එක වගේම පාවිච්චි කරන්න පුළුවන් ඒත් එක දෙයක් අපේ හොදට වඩා හොදයි මම හිතන්නේ අප්ඩේට් වෙන එක නැවැත්තුවොත්. පහල තියනව ඇක්ටිවේටර් එක බාගෙන බලන්න කොහොමද වැඩ කියල.




RealPlayer අලුත්ම එක


RealPlayer  එක කියන්නේ ගෙඩක් අය දන්න වගේම පාවිච්චි කරලත් ඇති Player එකක්. මේ Player  එකේ අලුත්ම   Version: 16.0.3.51 මේ Version එක එලි දක්වල තියෙන්නේ  Aug 22, 2013 දින. මේ RealPlayer කලින් තිබුණු එකට වඩා ගුනාත්මක එකක් මේ මගින් වීඩියෝ කන්වෙට් කරන්න වගේම වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්නත් පුළුවන් ඒ වගේම වීඩියෝ කොලටි එකත් හෙදයි. ඔයාලත් බාගෙන බලන්න.




Saturday, October 12, 2013

Xilisoft DVD Ripper


DVD එකක තියෙන Videos පයිල් අපි අපගේ පරිගණකයට කොපි  කර ගැනීමේදී Videos පයිල් කොපි කරගැනීම ලෙහෙසි පහසු උනත් DVD එකක එක් චිත්‍ර පටයක් වීඩියෝ පයිල් කීපයක් විදියට තියෙන්නේ . ඒ වගේ වීඩියෝ කොටස් සියල්ල තමන්ගේ පරිගණකය වෙත කොපි කරගැනීමට අවශ්‍ය වෙනව. නමුත් මෙම මෘදුකාංගය මගින්  DVD එකක් තුල ඇති වීඩියෝ පයිල් සියල්ලම ඔබ කැමති ෆයිල් එකක් ආකාරයට ගැනීමට මෙම මුදෘකාංගය මගින් සිදුකල හැකිය.

තවද Rip DVD to AVI, MPEG, WMV, DivX, MP4, H.264/AVC, etc., Extract audio from DVD as MP3, WMA, WAV, etc., Convert DVD to iPod, iPhone, PSP, mobile phone, MP4 players, Google phones, Apple iPad, Capture DVD screenshots as JPG or BMP image, යන පහසුකම්ද මෙම Xilisoft DVD Ripper 7.7.3 මෘදුකාංගය මගින් ලබා ගත හැකි වේ. පහල තියනව මෙම මෘදුකාංගය බාගෙන බලන්න. ටොරන්ට් පයිල් එකක් විදියට තියෙන්නේ ටොරන්ට් පයිල් බාගන්න කට්ටිය දන්නව ඇති කියල හිතනව.


සාමාන්‍ය විදියට  පහලින් බාගන්න පුළුවන්.







Xilisoft DVD Ripper 7.7.3 Serial:


- 6F52-B0B0-97C5-C526-A6B7-28BF-9A24-0C3C

- D3A1-8E8F-5C3A-3A1D-CBF0-8163-D366-CCEA

- 6D42-9090-F6CB-DB2F-DA1D-02A1-1483-7D02

- C5E7-1A0A-3C5F-5E88-BC36-8A3C-1EE5-83E6

- 0934-D6D6-F1A3-A345-91A8-78AE-B9BC-6B0C

- 42B0-9796-C52B-2B09-8BDF-3D4D-78CD-6D6E

- 18F5-C3C3-A17E-8E5A-168D-6B71-BE00-7A53



Friday, October 11, 2013

windows 7 desktop gadgets නොමිලේ


windows 7 desktop gadgets ගැන ඉතින් windows 7  බාවිතා කරන අයට අලුතින් කියන්න අවශ්‍ය නැහැ. අපට windows 7 වලට දෙන desktop gadgets වලට වඩා වැඩි යමක් අපිට දාගන්න පුළුවන්. අද මම ඔයාලට අරගෙන ආවේ windows 7 වල දී අපට ගොඩක් වැදගත් වගේම ගොඩක් ලස්සන desktop gadgets ටිකක් මම ඔයාලට පහල දීල තියනව ලස්සන desktop gadgets 50 ක්ම Download කර ගෙන බලන්න. ඔයාලට ගොඩක් ප්‍රෙයෝජනවත් වෙයි මේ  desktop gadgets ටික.

16 MB



වයිරස් ගාඩ් එක වැඩද


ඔයාලට කියන්න යන්නේ අපේ පරිඝණකයේ ඇති වයිරස් ගාඩ් එක වැඩ කරනවද කියල බලන්න පොඩි ක්‍රියාකාරකමක් මුලින්ම notepad එකක් ඕපන් කර ගෙන ඒක ඇතුලෙ පහල තියන කෝඩ් එක දාල save as ගිහින් eicar.com කියන නමින් desktop එකට සේවු කර ගන්න වයිරස් ගාඩ් එක වැඩ කරනව නම් මේ පයිල් එක block කරනව. මේක පොඩි ක්‍රියාකාරකමක් මේකෙන් බැහැ හොද වයිරස් ගාඩ් එකක් හොයා ගන්න ඇත්තටම වයිරස් ගාඩ් එක වැඩ කරනවද කියල විතරයි බලා ගන්න පුළුවන්.


X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*



Thursday, October 10, 2013

Skype වල කටහඩ මාරුකරමු


Skype සේවාව මගින් අපි කතා කරන විට අපිට අවශ්‍ය විදියට අපේ කටහඩ වෙනස් කරගන්න පුළුවන් මෘදුකාංගයක් තමයි MorphVox කියන්නේ මෙහිදී අපට ගොඩක් පහසුවෙන් අපේ කට හඩ වෙනුවට අපි කතා කරන අනිත් අයට විවිධ කටහඩවල් ඇසෙන්න සලස්වන්න පුළුවන් පහල තියනව එයට අවශ්‍ය වන MorphVox කියන මෘදුකාංගය. මේ මෘදුකාංගය බාගෙන පරිගණකයේ ස්ථාපිත කර ගැනීමෙන් අණතුරුව  ස්කයිප් වල ඕඩියෝ සෙටින් ගිහින් එතන Microphone (Screaming Bee Audio) කියන එක තොරන්න. එතකොට වැඩේ හරි.


2.83 MB


්‍





Volume Control Shortcuts එකක් දාගනිමු


Volume Control එකට Shortcuts එකක් දාගන්න පුළුවන් පොඩි මෘදුතාංගයක් තමයි අද මම අරගෙන ආවේ. මේ මගින් අපිට ඉතාමත් පහසුවෙන් අපේ පරිගණකයේ ශබ්දය පාලනය කල හැකි Shortcuts එකක් දාගන්න පුළුවන්. ඔයාල දැකල ඇති ඇපල් මැක් පරිගණක වල ශබ්ද පාලනය සදහා ඇති ගැජට් එක මේකත් ඒ වගේ එකක් ඔයාලත් දාගෙන බලන්න කොච්චර පහසු වගේම ලස්සනද කියල.(මේ මෘදුකාංගයේ නම 3RVX )

2 MB



Video Editing Software 05 ක් නොමිලේ


වීඩියෝ එඩිට් කරන්න කැමති අය වෙනුවෙන් වීඩියෝ එඩිටින් මෘදුකාංග 05 ක් අරගෙන තමයි අද මම ආවේ. මේ මෘදුකාංග 05 මගින් එකින් එකට වෙනස් විදියට වීඩියෝ එඩිට් කරන්න පුළුවන් ඔයාලත් බාගෙන බලන්න කොහොමද වැඩ කියල.

01. Windows Movie Maker 2012

02.Lightworks






Video Converters 05 ක් නොමිලේ


මේ ලිපිය මගින් මම ඔයාල වෙත අරගෙන ආවේ නොමිලේ ලබා ගත හැකි Video Converters මෘදුකාංග 05 ක්. ඔයාල කවුරුත් වගේ දන්නවනේ අපිට වීඩියෝ එකක් අපිට අවශ්‍ය පෝමැට් එකට හදා ගන්න නම් ඒක වීඩියෝ කන්වේටර් එකක් මගින් කන්වෙට් කර ගන්න වෙනව කියල. ඉතින් පහල තියනව ඔයාලට නොමිලේම ලබා ගන්න පුළුවන් Video Converters 05 ක් බාගතකරගෙන බලන්න.

01. Any Video Converter

02. MediaCoder

03. Xmedia Recode

04.Freemake Video Converter

05.KoyoteSoft Video Converter




Wednesday, October 9, 2013

Media Players 05 ක් නොමිලේ


අපි පරිගණකය සමග වැඩ කිරීමේදී විවිධ Media Players බාවිතා කරනු ලබනව ඒ උනත් ගොඩක් අය වැඩකට නැති Media Players වලින් පරිඝණකය පුරව ගන්නව. අද මම ඔයාලට අරගෙන ආවේ ඔයාලට නොමිලේම ගන්න පුළුවන් හොදම Media Players 05 ක් පහල තියනව ඔයාලත් බාගෙන බලන්න.

01. VLC media player







02.winamp media player






03. KMPlayer






04. GOM Media Player






05. Media Player Classic