MAHESH

Friday, October 4, 2013

ඉන්ටනෙට් පාඩම 02 - paypal


ඉන්ටනෙට් පාඩම 01 මගින් ඊ මේල් එකවුන්ට්, සමාජ අඩවි වල එකවුන්ට් වගේ දේල් ගැන කතා කලා ඔයාලට මතක ඇතිනේ.(මේ පාඩම මොන වගේ අයටද කියලත් 01 වන කොටසේ විස්තර කරල තියනව)
paypal  

ඉන්ටනෙට් භාවිතා කරද්දී ගොඩක් අය ඉන්ටනෙට් මනි ගැන එහෙම කතා කරනවනේ මම කියන්න යන්නේ ඒ වගේ දේවල් වලදී ඉන්ටනෙට් එකේ අපිට මුදල් සම්බන්ධ ගිණුමක් තිබීම අවශ්‍ය වෙනව ඒ වගේ අඩවි ගොඩක් තිබුනත් කීපයක් තමයි අපිට පාවිච්චියට පහසු වෙන්නේ මම නම් ගොඩක්ම කැමති paypal  වලට ඒ නිසා මම දැනට ඔයාලට paypal  එකවුන්ට් එකක් හදා ගන්න පුළුවන් විදිය කියන්නම්. paypal  ගැන කතා සරලව කතා කරනව නම් මේක අපේ බැංකු ගිණුමකට සමානයි අපිට ගෙවීම් කරන්න වගේම මුදල් තැම්පත් කරන්නත් පුළුවන් අපිට මේ ගිණුමට සල්ලි ලබා ගන්න පුළුවන් වෙන්නේ ඉන්ටනෙට් මනි හරහා හෝ අපේ ක්‍රෙඩිට් කාඩ් එක පාව්ච්චි කරලත් paypal  වලට මුදල් දාන්න පුළුවන්. ඒ වගේම අපි වෙනත් අඩවියක් තුළදී උපයා ගනු ලබන මුදල් අපේ ප්‍රයෝජනය සදහා යෙදවීමට නම් අනිවාරයෙන් paypal  වැනි ගිණුමකට එම මුදල් මාරු කල යුතු වෙනව. ඔයාලට paypal  ගිණුමක් ආරම්බ කර ගන්න පහලින් ඇතුල් වෙන්න.


පහල වීඩියෝවත් ඔයාලට උදවු කර ගන්න.




විකිපීඩියා එකේ නම් PayPal ගැන තියෙන්නේ මෙහෙමයි.
PayPal යනු අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා කරුවන් පිරිසක් ඇති සේවාවයි. එය පෞද්ගලික ආයතනයකින් සපයන සේවාවක් වුවද අන්තර්ජාලය තුළ මුදල් හුවමාරු කිරීමේ අප්‍රකාශිත සම්මතය ලෙස හැඳින්විය හැකිය.
අන්තර්ජාලය තුළින් ලබාගන්නා භාණ්ඩ හා සේවා සඳහා ගෙවීම් කිරීමේදීත්, තමන් සපයන භාණ්ඩ හෝ සේවා සඳහා පාරිභෝගිකයන්ගෙන් ගෙවීම් ලබාගැනීමේදීත් PayPal අන්තර්ජාල පරිශීලකයන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
ගෙවීම් ලබාගැනීම සඳහා PayPal සේවාවේ ගිණුමක් තිබීම අත්‍යවශ්‍ය වුවද ගෙවීම් කිරීම සඳහා එවැනි ගිණුමක් අත්‍යවශ්‍ය නොවන නිසා විද්‍යුත් ණය හෝ හර පතක් (Credit or Debit Card) ඇති ඕනෑම කෙනෙකුට PayPal ගිණුමක් වෙත මුදල් යොමු කිරීමට හැකි වීම එය ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාව බවට පත් කරයි.

PayPal සම්බන්ධව ඔයාලට වැදගත් වෙයි කියල හිතන ලිපියක් පහල තියනව PDF විදියට තියෙන්නේ බාගෙන බලන්න.



2013.ජුනි 01 දින www.hirunews.lk අඩවියේ පලවූ ලිපියක්.
පේපැල් ගැන මහ බැංකුවේ අවධානය. 
2013 ජූනි 01 සෙනසුරාදා- පස්වරු 07:36




විදේශීය රටවල සිට ශී‍්‍ර ලංකාවට මුදල් එවීම සහ අන්තර්ජාල ගිණුම් සඳහා අඩු පිරිවැයක් සහිත පේපැල් ක‍්‍රමය හඳුන්වාදීම කෙරෙහි මහ බැංකුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ සඳහා අනුමැතිය ලබාදිය යුත්තේ මහ බැංකුවයි. ශී‍්‍ර ලංකාවේ සිට විදේශ රටවලට කරන ගෙවීම් සඳහා පේපැල් ක‍්‍රමය භාවිත කළ හැකි නමුදු ඒ සඳහා මහ බැංකුව මෙතෙක් අවසර ලබාදී නැහැ. අදාළ ගෙවීම් සිදුකිරීමට නම් පේපැල් ගිණුම් මෙරට බැංකු ගිණුම් හා ඒකාබද්ධ කළ යුතුයි. අන්තර්ජාලය පදනම් කරගත් ව්‍යාපාරික කටයුතුවලට අදාළ ගෙවීම් සඳහාද මෙම ක‍්‍රමය යොදා ගැනෙනවා. ඇමරිකාව, වියට්නාමය වැනි රටවල් ඊ-බේ වැනි වෙබ් අඩවි හරහා අන්තර්ජාතික අලෙවි කටයුතු සිදුකරන අතර පේපැල් ක‍්‍රමය හඳුන්වාදීම හරහා මෙරට ව්‍යාපාරිකයන්ටද ඒ සඳහා අවස්ථාවක් හිමිවනු ඇති.



Posted By MAHESH KMM

පරිගණක සම්බන්ධ මා උගත්දේ ඔබටද ප්‍රෙයෝජනවත් වේයැයි සිතා මේතුළ සටහන් කරමි. contact me

ස්තුතියි

0 comments:

Post a Comment