MAHESH

Saturday, March 28, 2015

mHotspot නොමිලේ


Hotspot එකකින් කරන්නේ අපේ ස්මාර්ට් පෝන් එකේ හරි ලැප්ටොප් එකේ හරි තියන අන්තර්ජාල පහසුකම අපේ අනිත් Wifi සම්බන්ධතාවය ඇති උප කරණ සමග බෙදා ගැනීම. mHotspot මගින් ඔයාලට එම කාර්ය ගොඩක් පහසුවෙන් කර ගන්න පුළුවන් වගේම මෙම මෘදුකාංගය 804 KB වගේ පොඩි ප්‍රමාණයක එකක්' මෙම මෘදුකාංගය මගින් අපට Wifi උපකරණ අතර ගොනු හුවමාරුකර ගන්නත් පුළුවන්. පාවිච්චි වන දත්ත ප්‍රමාණයත් පහසුවෙන්ම බලාගන්න පුළුවන්. 


පහලින් බාගතකර ගන්න.


්‍




Thursday, March 26, 2015

වේගයෙන් File Share කරන්න (SuperBeam)


android දුරකථනයෙන් දුරකතනයට මෙන්ම  දුරකථනයෙන් පරිගනකයට වේගයෙන් File Share කරන්න ඉතා හොද ඇප් එකක් තමා SuperBeam කියන්නෙ. මේ ඇප්එක වැඩ කරන්නේ  WiFi මගින් නිසා ගොඩාක් වේගවත්ව File Share කරන්න පුළුවන්.
android දුරකථනයෙන් දුරකතනයට File එකක් share කරන විට අපිට ලැබෙන්නෙ Qr code එකක් එය අනෙක් දුරකතනයේ SuperBeam හරහා Scan කල විට File එක share වෙනව. ඒ වගේම අපිට WiFi පරිඝණයක් මගින් වගේම අපේ WiFi ලැප්ටොප් එකටත් මේ පහසුකම දාගන්න පුළුවන්.Qr code වෙනුවට අපි විසින් දෙන KEY එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. 

පහලින් ගිහින් නිල අඩවියෙන්ම බාගත කරගන්න.








Tuesday, March 24, 2015

භාවිතා කරන internet Limited එක බලා ගන්න


මෙය NetWorx කියල මෘදුකාංගයක් මෙය පරිගණකයේ ස්ථාපිත කර ගැනීම මගින් අපි පරිගණකයේ භාවිතා කරනු ලබන download ප්‍රමාණය හා upload ප්‍රමාණය දැනගන්න පුළුවන් ඒ මගින් ඔයාලට අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමාණය බලා ගන්න පුළුවන්. පහලින් ගිහින් නිල අඩවියෙන්ම මෙම මෘදුකාංගය බාගත කරගන්න.




Tuesday, March 10, 2015

VPN එහෙම නැත්නම් Virtual Privet Network


VPN එහෙම නැත්නම් Virtual Privet Network  කියන්නේ පරිගනක ජාලකරණයේදී බාවිතා වෙන වැදගත් උපක්‍රමයක්. මහාපරිමාණ ජාල වලදී කුඩ කුඩා ඒකකයන් එහෙම නැත්නම් LAN Network , ඒ වගේම දුරස්තව පවතින එක් පරිගනකයක් පවා ප්‍රධාන ජාලයට එකතු කිරීම සදහා අන්තර්ජාලය තුලදී නාමිකව සාදාගන්නා ජාලයන් තමයි Virtual Privet Network කියන්නෙ.
සරලව පැහැදිලි කරනවනම් හැමෝම දන්න දෙයක් තමයි අන්තර්ජාලය කියන්නේ අන්තර්ජාල පහසුකම ඇති හැමෝටම අන්තර්ජාලය වෙත පිවිසිය හැකිය. නමුත් මෙම VPN එහෙම නැත්නම් Virtual Privet Network  කියන දේ සීමිත කණ්ඩායමක් එකට සම්බන්ධවීම සදහා යොදා ගන්නා සම්බන්ධතාවයක් ලෙස හදුන්වන්න පුළුවන්. (උදා - බැංකු කටයුතු, විවිධ වෙළද ආයතන, ශ්‍රී ලංකා පොලිසිය, ආරක්ෂක හමුදා) මෙහිදී එම අදාල ආයතනයට අදාල Network එකක් භාවිතා කරන බැවින් එම ආයතනවල තොරතුරු ආරක්ෂාව මෙන්ම අදාල ආයතන සමග ඉක්මණින් සම්බන්ධවීමේ හැකියාව ඇත.