MAHESH
Showing posts with label පරිගණක දැනුම. Show all posts
Showing posts with label පරිගණක දැනුම. Show all posts

Thursday, July 7, 2016

SHAREit 3.5.0.1144 - වේගයෙන් දත්ත හුවමාරු කර ගන්න


SHAREit  ජංගම දුරකථන වල පයිල් හුවමාරු කරගන්න පුළුවන් ගොඩක් අය දන්න මෘදුකාංගයක්  මේ මගින් ඉතාමත් වේගවත්ව දත්ත හුවමාරු කර ගන්න පුළුවන්. SHAREit මෘදුකාංගය අපේ WIFI පහසුකම තියන පරිඝණක අතර වගේම පරිඝණකය හා ජංගම දුරකථනය අතර ඉතා වේගවත්ව දත්ත හුවමාරු කර ගන්න භාවිතා කරන්න පුළුවන්. පහලින් ඔයාලගේ WIFI පහසුකම තියන පරිඝණකයට SHAREit මෘදුකාංගය භාගත කර ගෙන බලන්න කොහොමද වැඩ කියල.


බාගත කිරිමට උපදෙස්. 

1. ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2. ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3. ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න 





Monday, July 4, 2016

sinhala keyman free | සිංහල කීමෑන් නොමිලේ


මම අද ඔයාලට අරගෙන ආවේ ගොඩක් අය ලග තියන ඒත් හරි යටම windows 8 /windows 8.1 / Windows 7 වලට වැඩකරන ටයිප් කරන්න ගියාම කවුරුත් වගේ මැසිවිලි නගන software එකක් ඒ තමයි ඒ තමයි sinhala keyman.

ගොඩක් sinhala keyman වල software වෙම දාල කී බෝඩ් එක වෙනම දාන්න ඕන ඒ දාලත් සමහර වෙලාවට හරියට වැඩ කරන්නේ නැහැ ඒත් මම ඔයාලට පහල දීල තියන කී මෑන් එක එලකිරි වගේ වැඩ. ඔයාලත් දාගෙනම බලන්න. ඔයාලට මේ sinhala keyman එක හොදයි කියල හිතෙනව නම්  comments එකකුත් දාලම යන්න.


තවත් කීමෑන් එකක් පහල තියනව ඒකත් උත්සාහ කරල බලන්න





Sunday, May 29, 2016

Free PDF to Word Converter 5.1


PDF පයිල් සමහර වෙලාවට අපිට Word පයිල් එකක් බවට පත් කර ගන්න අවශ්‍ය  වෙන අවස්ථා තියනව. මෙම මෘදුකාගය මගින් ඔයාලගේ PDF පයිල් Word පයිල් එකක් බවට Convert කරගන්න පුළුවන් පහල තියනව මෘදුකාංගය බාගෙන බලන්න.


බාගත කිරිමට උපදෙස්. 

1. ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2. ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3. ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න 









Tuesday, March 24, 2015

භාවිතා කරන internet Limited එක බලා ගන්න


මෙය NetWorx කියල මෘදුකාංගයක් මෙය පරිගණකයේ ස්ථාපිත කර ගැනීම මගින් අපි පරිගණකයේ භාවිතා කරනු ලබන download ප්‍රමාණය හා upload ප්‍රමාණය දැනගන්න පුළුවන් ඒ මගින් ඔයාලට අන්තර්ජාලය භාවිතා කරන ප්‍රමාණය බලා ගන්න පුළුවන්. පහලින් ගිහින් නිල අඩවියෙන්ම මෙම මෘදුකාංගය බාගත කරගන්න.




Tuesday, March 10, 2015

VPN එහෙම නැත්නම් Virtual Privet Network


VPN එහෙම නැත්නම් Virtual Privet Network  කියන්නේ පරිගනක ජාලකරණයේදී බාවිතා වෙන වැදගත් උපක්‍රමයක්. මහාපරිමාණ ජාල වලදී කුඩ කුඩා ඒකකයන් එහෙම නැත්නම් LAN Network , ඒ වගේම දුරස්තව පවතින එක් පරිගනකයක් පවා ප්‍රධාන ජාලයට එකතු කිරීම සදහා අන්තර්ජාලය තුලදී නාමිකව සාදාගන්නා ජාලයන් තමයි Virtual Privet Network කියන්නෙ.
සරලව පැහැදිලි කරනවනම් හැමෝම දන්න දෙයක් තමයි අන්තර්ජාලය කියන්නේ අන්තර්ජාල පහසුකම ඇති හැමෝටම අන්තර්ජාලය වෙත පිවිසිය හැකිය. නමුත් මෙම VPN එහෙම නැත්නම් Virtual Privet Network  කියන දේ සීමිත කණ්ඩායමක් එකට සම්බන්ධවීම සදහා යොදා ගන්නා සම්බන්ධතාවයක් ලෙස හදුන්වන්න පුළුවන්. (උදා - බැංකු කටයුතු, විවිධ වෙළද ආයතන, ශ්‍රී ලංකා පොලිසිය, ආරක්ෂක හමුදා) මෙහිදී එම අදාල ආයතනයට අදාල Network එකක් භාවිතා කරන බැවින් එම ආයතනවල තොරතුරු ආරක්ෂාව මෙන්ම අදාල ආයතන සමග ඉක්මණින් සම්බන්ධවීමේ හැකියාව ඇත.







Wednesday, May 28, 2014

IP එක වෙනස් කරමු (Mask My IP)


IP එක වෙනස්  කර ගත්තම අපිට තියන වාසි හැමෝම වගේ දන්නව. IP එක වෙනස්  කර ගත්තම අපිට පුලුවන් බොලොක් කරපු වෙබ් සයිඩ් වලට උනත් යන්න. වගේම අපි අන්තර් ජාලයට පිවිසෙන ස්ථානය මෙන්ම රටද වෙනස් කර ගන්න පුළුවන්. මේ ලිපිය මගින් මම ඔයාලට අරගෙන ආවේ Mask My IP කියන මෘදුකාංගය මෙම මෘදුකාංගය පාවිච්චි කරන්න ගොඩක් ලේසිි වගේම අන්තර් ජාලයට පිවිසීමේදී ගොඩක් වේගවත්. ඔයාලත් Mask My IP මෘදුකාංගය පහලින් බාගෙනම බලන්න කොහොමද වැඩ කියල.
4MB

ටොරන්ට් වලින් බාගන්න ඕන අය මෙතනින් බාගන්න





Wednesday, April 9, 2014

ලේසියෙන්ම Partition Manage කරන්න හොඳම එක - MiniTool Partition Wizard 8.1.1


අපට Partition Manage කරන්න ගියාම ඉතින් කන්න වෙන කට්ට දන්නවනේ වින්ඩෝස් වල තියන Partition Manage එකත් හිටපු ගමන් වැඩ කරන්නේ එක එක විදියට. ඒ වගේම තමයි ඒකෙන් කරන්න පුළුවන් වැඩත් ගොඩක් සීමිතයි. අද මම ඔයාලට අරගෙන ආවේ Partition Manage හොදම මෘදුකාංගයකත් වන MiniTool Partition Wizard 8.1.1 මෘදුකාංගය පහලතියනව බාගෙනම බලන්න කොහොමද වැඩ කියල. ටොරන්ට් වලින් කී එකත් එක්කම බාගන්න මෙතනට ක්ලික් කරන්න.

Main Features



Tuesday, March 11, 2014

තාවකාලික EMail එකක් හදා ගන්න


තාවකාලික  EMail එකක් අපිට වැදගත් වෙන්නේ අයි කියල ඔයාල දන්ව ඇති. අපි අන්තර්ජාල සමග වැඩ කිරීමේදී සමර සයිට් වලට ඇතුල් වෙන්න වගේම සමගර දෙවල් කරන්න ගියාම අපිට අපේ EMail එක දෙන්න වෙනවා. එතකොට ඉතින් රටේ නැති ඇඩ්/ වයිරස් වගේ ඒව අපේ  EMail එකට එයාල එවනව ඒ වගේ අවස්ථාවල අපිට තාවකාලික  EMail එකක් පාවිච්චි කරන්න පුළුවන් ඒක ටික වෙලාවකින් නැති වෙලා යනව. ඒ වගේම තමයි මේ තාවකාලික  EMail  සමහර පොඩිපොඩි හොර වැඩ වලටත් පාවිච්චි කරන්න පුළුවන් මේ  EMail හදල යම්කිසි කාලයකදී ඒක නැති වෙලා යනව. ඔයාලට තාවකාලික  EMail  හදාගන්න පුළුවන්.


01.www.guerrillamail.com

02. www.10minutemail.com



Thursday, January 9, 2014

සිංහල උපසිරස TV එකෙන් බලන්න


අද මම ඔයාලට කියන්න යන්නේ අපි සාමාන්‍යෙයන් චිත්‍ර පටයක් බලද්දී සිංහල උසසිරස වෙනම ගොනුවක් විදියට තියන විටදී අපිට ඒ චිත්‍ර පටය බලන්න වෙන්නේ පරිගණකයක් මගින් නමුත් අපට පුළුවන් ච්ත්‍ර පටය හා සිංහල උපසිරස ගොනුව කියන පයිල් දෙක එකක් බවට පත් කර ගන්න.
මේ සදහා අපට අවශ්‍ය වෙනව උපසිරස පයිල් හා වීඩියේ පයිල් එකට කන්වෙට් කරන්න පුළුවන් මෘදුකාංගයක්.
මේ දේ ගොඩක් වැදගත් වෙන්නේ අපිට ඩී.වී.ඩී එකකට හෝ යූ.බී.බි පෙන් එකක් ආධාරයෙන් රූපවාහිණිය හෝ ඩී.වී.ඩී ප්ලේයර් එකක් මගින් චිත්‍රපටයක් නැරඹීමට අවශ්‍ය වන අයට මේ මෘදුකාංගය ගොඩක් වැදගත්.

විශේෂයෙන් රූපවාහිණිය හෝ ඩී.වී.ඩී ප්ලේයර් එකක් මගින් චිත්‍ර පටයක් නැරඹීමේදී ඒ උපකරණ වලට ගැලපෙන අකාරයට සකස ගන්නත් මේ මෘදුකාංග බාවිතය මගින් කර ගන්න පුළුවන්.

බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ලබා දෙන චිත්‍රපට උසිරස රූපවාහිණිය හෝ ඩී.වී.ඩී ප්ලේයර් එකක් මගින් නැරඹීම ගැටලුවක් බවට පත්ව තිබුණු අයටත් මේ මෘදුකාංගය ගොඩක් වැදගත් වෙනව.

01. WinAVI All In One Converter




02. AVSVideoConverter


ටොරන්ට් වලින් බාගතකර ගන්න. 





Saturday, January 4, 2014

Revealer Keylogger Free


Keylogger කියන්නේ බොහෝ වෙලාවට හොඳට මෙන්ම නරකටද පාවිච්චි කරන්න පුළුවන් Software එකක්. පහල දීල තියන Keylogger එකේ ගොඩාක් වැදගත් පහසුකම් තියෙනවා.
 Software එක Install කලාට පස්සෙ Skype,Facebook ICQ, AIM, GTalk,MSN, AOL,  වගේ ඒවායේ Type කරන දේවල් පවා Keylogger එකේ Record වෙනවා. ඒ වගේම මේ ලැබෙන සියළුම Records ටික Email මගින් අපිට ගෙන්වාගන්න පුළුවන්. Add/Remove programs වල මේක පෙන්වන්නෙත් නැහැ. Software එක අනිත් කෙනෙකුට අහුනොවෙන විදිහට Password එකක් මගින් සුරක්ෂිත කරන්නත් පුළුවන්. Task Manager(Alt+Ctrl+Delete) වල පෙන්වන්නෙත් නැහැ.  සාමාන්‍යයෙන් Software එක Screen එකේ පෙන්වීමට කල යුත්තේ Alt+Ctrl+F9 එබීම පමණයි.ඒක අවශ්‍ය විදිහට අපිට වෙනස් කරගන්න පුළුවන්. පහල තියනව අදාල මෘදුකාංගය ඔයාලත් බාගෙනම බලන්න කොහොමද කියල.




Thursday, November 14, 2013

සිංහල කීබෝඩ්


සිංහල ටයිප් කරන්න පුරුදු වෙන අයට තියන ප්‍රධාන ගැටලුවක් තමයි සිංහල අකුරු හොයා ගන්න බැරි එක. සමහරුනම් ඉතින් සිංහල කී බෝඩ් එකක්ම පාවිච්චි කරනව ඒත් මගේ නම් නිර්දේශය තමයි ඉංග්‍රීසි කී බෝඩ් එකෙන් සිංහල ටයිප් කරන්න පුරුදු වෙන එක මම දකින විදියට නම් එක ගොඩක් සාර්ථක වගේම පහසු වැඩක්  සිංහල අකුරු තියන තැන් හොයාගන්න බැරි අය වෙනුවෙන් තමයි අද මම සිංහල කී බෝඩ් වල අනුරූ කීපයක් ඔයාල වෙනුවෙන් අරගෙන එන්න හිතුවේ. පහල තියනව බාගෙන බලන්න.
01

02


03


04

05

06

07




Tuesday, October 15, 2013

පරිගණක මෙහෙයුම් පද්ධති


මෙහෙයුම් පද්ධතියක් යනු පරිගණක සම්පත් කළමණාකරණය කර ක්‍රමලේඛකරුවන්ට / පරිශීලකයන්ට එම සම්පත්වලට ප්‍රවේශ වීමට අතුරු මුහුණත් සපයන මෘදුකාංගයකි. මෙහෙයුම් පද්ධතියක් පද්ධති දත්ත හා පරිශීලක ආදාන සකසා පරිශීලකයන්ට හා පද්ධති ක්‍රමලේඛවලට සැපයීම සදහා වැඩ කටයුතු හා අභ්‍යන්තර පද්ධති සම්පත් කළමනාකරණය කරමින් ප්‍රතිචාර දක්වයි. මෙහෙයුම් පද්ධතියක්, මතකය පාලනය හා වෙන් කිරීම , පද්ධති ඉල්ලීම්වල ප්‍රමුඛතාව සැකසීම , ආදාන ප්‍රතිදාන උපකරණ පාලනය , පරිගණක ජාලකරණයට පහසුකම් සැලසීම හා ගොණු කළමණාකරණය වැනි මූලික කරුණු ඉටු කරයි. මෙහෙයුම් පද්ධතියක් පුද්ගලික පරිගණක , අන්තර්ජාල සේවාදායක , ජංගම දුරකතන , සංගීත ධාවක , රවුටර් , ස්විච , රැහැන් රහිත ප්‍රවේශ ස්ථාන (access point) , ජාල ගබඩා , ක්‍රීඩා කොන්සෝල , ඩිජිටල් කැමරා , මහන යන්ත්‍ර හා දුර දක්න වැනි සංගෘහිත පරිපථ යොදා ගෙන සාදනු ලබන සෑම දෙයකම පාහේ සොයා ගත හැක.

බොහෝමයක් වේලාවට පරිගණකයන් පණගැන්වීමේ දී පළමුවම ධාවනය වන කේතය මෙහෙයුම් පද්ධතිය නොවේ. පරිගණකයේ ක්‍රියාත්මක වන පළමු‍ කේතය සාමාන්‍යයෙන් ෆ්ලෑෂ් ROM හි ගබඩා කර ඇති අතර ෆර්ම් වෙයාර් මගින් ඇතුල් වේ. මෙය සමහරක් විට BIOS හෝ බූට් ROM (boot ROM) ලෙස හදුන්වනු ලැබේ. ෆර්ම් වෙයාර් මෙහෙයුම් පද්ධති කර්නලය (සාමාන්‍යයෙන් තැටියෙන් හෝ සමහර විට ජාලය හරහා ) ඇතුල්කර ක්‍රියාත්මක කරන අතර පරිශීලකයා තිරය මත දකින ප්‍රථම චිත්‍රක හෝ වදන් ප්‍රතිදානයට වගකිව යුත්තේ ද (firmware) ෆර්ම් වෙයාර්ය.

ලිනක්ස් , Mac OS X , මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා සෝලාරිස් (Solaris) නූතන බහුලව භාවිතා වන මෙහෙයුම් පද්ධති අතර වේ. මෙයින් වැඩතලය (desktop) මත වඩාත්ම ජනප්‍රිය වින්ඩෝස් වන අතර සේවාදායක පසුබිම් වලදී ලිනක්ස් වෙයි. ලිනක්ස් Mac OS X හා MS වින්ඩෝස් සියල්ලටම සේවාදායක හා පුද්ගලික වෙනස්කම් පවතී. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හැරුණු කොට පෙර සදහන් කරන ලද සියලු මෙහෙයුම් පද්ධති සැලසුම් කිරීමට දිරි ගැන්වීම හෝ කෙළින්ම සැලසුමම ලබා ගන්නේ යුනික්ස් මෙහෙයුම් පද්ධතියෙනි. 1960 පසු භාගයේ දී බෙල් පර්යේෂණාගාරවල නිපදවන ලද යුනික්ස් , බොහෝමයක් නොමිලේ බෙදා හරින හෝ වාණිජමය මෙහෙයුම් පද්ධතිවල දියුණුවට හේතු විය.

බොහෝමයක් පරිශීලකයන් මෙහෙයුම් පද්ධතිය , ඩෙක්ස්ටොප් වටපිටාවට සමාන කරයි.





මෙහෙයුම් පද්ධති - ඉතිහාසය


ප්‍රථම පරිගණකයේ මෙහෙයුම් පද්ධතියක් නොතිබුනි. 60 දශකය මුල් භාගය වන විට පරිගණක වෙළඳාම්කරුවන් කාණ්ඩ සැකසුම් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රමවේදයන්, ලැයිස්තුගත කිරීම හා කාර්ය ක්‍රියාත්මක කිරීමේ ක්‍රම වේදයන් සංවර්ධිත කිරීම සඳහා තරමක් පුළුල් මෙවලම් සැපයීමට ක්‍රියා කලහ. මේ සඳහා උදාහරණ ලෙස UNIVAC මා Control Date ආයතන මඟින් නිපදවන ලදි.

· MS-DOS මඟින් මෙහෙයුම් පද්ධතියක ආකාර ලක්ෂණ බොහෝමයක් ඉදිරිපත් කරනු ලැබිනි. තැටි ප්‍රවේශය මේ සඳහා නිදසුනකි. කෙසේ වුවත් බොහෝමයක් මෙහෙයුම් පද්ධති මෙය සම්පුර්ණයෙන්ම මඟහැර කෙලින්ම දෘඩාංග මත ක්‍රියාත්මක වීමට ඉඩකඩ සකසා දිනි.

· මෙහෙයුම් පද්ධති මුලින්ම යොදා ගෙන තිබුනේ මහා පරිගණක වලදීය. එහෙත් පසුව මුලික ක්ෂුද්‍ර පරිගණක මෙහෙයුම් පද්ධති කළමනාකරණය ලැයිස්තුගත කිරීම භාවිතා කර වරකට එක් වැඩසටහනක් පමණක් ක්‍රියාකිරීමට අවකාශ සලසා දිනි. සෑම වැඩසටහනක්ම එය ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය පුරාවටම එම පරිගණකය කෙරේ පුර්ණ පාලනයකින් යුක්ත විය. බහුකාර්යකරණය (කාල සම්භාවිත කිරීම) මහා පරිගණකවල භාවිතයට මුලින්ම පැමිණියේ 60 දශකයේදීය.

· 1969-70 කාල පරිච්ඡේදයේ දී ප්‍රථම වතාවට UNIX මුලින්ම PDP-7 හා පසුව PDP-11 මඟින් ඉදිරිපත් විණි. එය ඉතා ඉක්මණින් වේදිකා කිහිපයක් හරහා කාල සම්භාවිතය ක්‍රියාත්මක වීමේ සාර්ථකත්වය පෙන්වුයේ ‍පුර්වක්‍ර බහුකාර්යකරණය, උසස් මතක කළමනාකරණය, මතක ආරක්ෂණය සහ අනෙකුත් උසස් ලක්ෂණ සඳහා සංග්‍රාහකයෙක් ලෙස ක්‍රියා කරමිනි. UNIX ඉතා ඉක්මනින් මහා පරිගණක හා මධ්‍ය පරිගණක මෙහෙයුම් පද්ධයක් ලෙස ජනප්‍රියත්වයට පත්විණි. · 1980 මුල් භාගයේ දී IBM-PC හා IBM PC XT ඇතුළු ක්ෂුද්‍ර පරිගණක කිහිපයක් UNIX ආකාර මෙහෙයුම් පද්ධතියක් වන Microsoft Xenix ධාවනය කිරීමේ හැකියාව පෙන්විය. තවද Microsoft ආයතනය විසින් ඔවුන්ගේ ඒක පරිශිලක මෙහෙයුම් පද්ධති වෙනුවට බදු පරිශිලක මෙහෙයුම් පද්ධතියක් ලෙස ඉතා අධික අලෙවිකරණ ව්‍යාපෘතියකට බදුන් කෙරිණි. නමුත් මෙම පුද්ගලික පරිගණකයේ මෙහෙයුම් පද්ධතිය(CPU) මඟින් එහි කරන කාර්ය මතක ආරක්ෂණය හා ද්විත්ව ‍මාධ්‍ය මෙහෙයුම ක්‍රියාකිරීමට අවස්ථාව සලසා දීමට අපොහොසත් විය. එම නිසා Microsoft Xenix සහයෝගි බහුකාර්යකරණය මත විශ්වාසය තැබු අතර ආරක්ෂිත මතකයන්ද එහි නොවීය.

· 80286 මුලික IBM PCAT පරිගණකය වු කලි ද්විත්ව මාධ්‍ය මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම හා මතක ආරක්ෂණය සැලසීමට සමත් වු ප්‍රථම පරිගණකය හා සම්භාවය Mac-OS හා Microsoft Windows 1.0-Me සහයෝගි බහුකාර්යණයට උසස් වු අතර ඒවා ආරක්ෂිත මතකයන්ගෙන් ලබා ගත හැකි ආයෝජන උපරිම වශයෙන් ලබා ගැනීමේදී සිමාසහිත විය. මෙම මෙහෙයුම් පද්ධති මත ධාවනය වන යෙදුම් ක්‍රමලේඛ ඒවා ක්‍රියාත්මක නොවන අවස්ථාවන්හිදි ලැයිස්තුගතකරණයට CPUහි කාලය ඉතිරිකර දීම සඳහා පෙර නිමිතිව හෝ ක්‍රමවේදයක් භාවිතා කර එය ඉටු කර දීම හෝ මිශ්‍ර කළ යුතු විය.

· Windows NT සඳහා පාදක වු මෙහෙයුම් පද්ධති කාර්යාලය, Digital Equipment Corporation හි VMS නිර්මාණය කළ කණ්ඩායම විසින්ම නිමවන ලද්දකි. මෙම මෙහෙයුම් පද්ධති UNIX ආකාර වු අතර එය සියලු වැඩසටහන් සඳහා වු ආරක්ෂිත මාධ්‍ය මෙහෙයුම්, කාර්ය මතක ආරක්ෂණය, පුර්වක්‍ර බහුකාර්යකරණය, අතථ්‍ය(Vertual) ගොනු පද්ධති සඳහා සහයෝගය හා නොයෙකුත් මේආදි සේවා සපයන්නෙකු ලෙස නිර්මිතය. · සම්භාවනීය AmigaOS හා Windows 1.0-Me යන මෙහෙයුම් පද්ධති සකසුන්වන් මඟින් ධාවන කාලයේදී ආදේශනය කරන ලද සම්පත් නියමාකාර ලෙස සලකුණු කර ගැනීමට අසමත් විය. එක් සකසුවක් අවසන් කිරීමට සිදු වු විට එය මඟින් එතෙක් භාවිතා වෙමින් තිබු සම්පත් වෙනත් වැඩසටහනක් ‍වෙනුවෙන් නිදහස් කිරීම නැවත පරිගණකය පණගන්වන තෙක් සිදුකල නොහැකි විය.

එමෙන්ම විවෘත මුදුකාංග මෙහෙයුම් පද්දතියක් ලෙස උබුන්ටු(UBUNTU)හැදින්විය හැක.ලෝකයේ මිලියන 12 ජනතාවක් උබුන්ටු භාවිතාකරයි.සබැඳියෙහි ශීර්ෂය ‍මගින් නොමිලේ උබුන්ටු සිඩිතැටියක් ගෙදරටම ගෙන්වාගත හැක.


උපුටා ගැනීම් - wikipedia



Sunday, September 1, 2013

Driver Easy / ලේසියෙන්ම ඩ්‍රයිවස් හොයාගමු


අපේ අයට පරිගණකය සම්බන්ධව තියන ප්‍රධාන ගැටලුවක් තමයි පරිගණකයට අවශ්‍ය වන Drivers හොයා ගන්න එක. නමුත් ඔයාලට Driver Easy මෘදුකාංගය මගින් ඉතාමත් පහසුවෙන් Drivers හොයා ගන්න පුළුවන් මෙම මෘදුකාංගය මගින් ස්ව්‍යංකීයවම අන්තර්ජාලය මගින් ඔයාලට අවශ්‍ය Drivers ටික හොයල දෙනව ඊට පස්සේ ඔයාලට පහසුවෙන්ම Drivers ටික බාගන්න පුළුවන්.















Saturday, July 27, 2013

හාඩ් එක ලේසියෙන්ම පාටිශන් කරගමු


මම අද කියන්න යන දේ ගොඩක් අය දන්න දෙයක් ඒත් නොදන්න අයත් ඇති කියල හිතලයි මම මේ පෝස්ට් එක දාන්න හිතුවෙ. ඔයාල හැමෝම දන්නව අපි අපේ පරිඝණකය පෝමැට් කරද්දි තමයි හාඩ් එක පාටිශන් වලට බෙදා ගන්නේ නමුත් ඔයාලට පෝමැට් කරල ඉවර වෙලා උනත්‍ ඕනම වෙලාවක හාඩ් එක පාටිශන් වලට බෙදා ගන්න වගේම අපි බෙදපු පාටිශන් වල ප්‍රමාණය අඩු වැඩි කර ගන්නත් පුළුවන් ඔයාලට මේක කරන විදිය ගොඩක් පහසු වෙන්න මම පහල වීඩියෝ එකේ පැහැදිලි කරල දීල තියනව ඔයාලත් කරල බලන්න.



මුලින්ම computer icon එක උඩ right click කරලා manege> වලට තෝරන්න















computer management වින්ඩෝ ඕපන් වෙයි මෙතනින් Disk Management තෝරන්න.


 ඔයාට වෙන් කරන්න ඕන ඉඩ තියෙන පාටිෂන් එකක් උඩ ක්ලික් කරලා Shrink Partition දෙන්න.


 පහල රූපේ වගේ වින්ඩෝ එකේ සයිස් එක හරියටම මෙගා බයිට් වලින් දෙන්න දුන්නට පස්සෙ Shrink ක්ලික් කරන්න. හාඩ් ඩිස්ක් වල විස්තර තිබ්බ තැන Unallocated space කියලා තියේවි. ඒකේ එතන ක්ලික් කරලා නිව් පාටිෂන් දෙන්න.


Mahesh Heshan