MAHESH

Thursday, December 25, 2014

Clash of Clans v6.322.3.apk (තමන්ගෙම රාජධානියක් හදාගන්න සිහින දකියන අයට )


Clash of Clans කියලා කියන්නේ, මීලියන 5කට අධීක පිරිසක් online සෙල්ලමි කරන ක්‍රිඩාවක්, (දැනට ලංකාවේත් බොහෝ පිරිසක් මෙයට සමිබන්ධ වී සිටිනවා) මෙම ක්‍රිඩාව පටන් ගැනීමේදි අපට ලැබෙන්නේ පුංචි ගමක්, අප විසින් මෙම ගමෙනි ආහාර නිෂ්පාදනය, ධනය (රන් පතල් ) හා ආරක්ෂාව හා යුද්ධ සදහා සෙබලුන් පුහුණු කිරිම කල යුතු අතර, ටිකේ ටික ගම දියුණු කිරිමේදි අප නිෂ්පාදනය කරන ආහාර හා රන් වියදමි කොට ගමට අවශ්‍ය භාන්ඩ, ආරක්ෂාව සදහා කුණුනු, කාලතුවක්කු, සහ සෙබලුන් ලබාගෙන මෙම ගම රාජධානියක් දක්වා වාර්ධනය කල හැකිය. මේ අතර සතුරු ආක්‍රමණද පැමීණෙන අතර අතර, ඵ් සදහා මුහුණදිය හැකි පරිදි රාජධානියෙහි ආරක්ෂාව තර කිරිමට ඔබ විසින් වගබලාගත යුතුය. මෙම ක්‍රිඩාවේහි තියෙන තවත් විශේෂ දෙයක් තමයි ඔබගේ මීතුරන් හා ඵක්ව Clans ඵකක් නිර්මාණය කිරිමට හැකිවීම. මෙහි ඇති වාසිය තමයි, ඔබගේ රාජධානියට සතුරු උවදුරක් පැමීණෙන අවස්ථාවකදි අනෙක් මීතුරන්ගේ සහය ලබාගැනීමට හැකි වීම, ඵ් කියන්නේ රාජධාරියෙහි ආරක්ෂාව සදහා අමතර භට පිරිසක් අපිට මේ හරහා ලබාගන්න පුලුවන්, ඵ් වගේම තමයි අපි වෙනත් රාජධානියක් ආක්‍රමණය කිරිමට යාමේදිද Clans ඵකෙහි මීතුරන්ගෙන් අමතර භට පිරිසක් ලබා ගන්න පුලුවන්. සහෝදර ඔබ වෙනුවෙන් අපි CLAN of CYLON නමීන් Clans ඵකක් නිර්මාණය කලා, දැනට Clash of Clans ක්‍රිඩාව සෙල්ලමි කරන හා අලුතෙන් ක්‍රිඩාවට සමිබන්ධ වෙන ඔබ සැමට CLAN of CYLON අපගේ නිල Clans ඵකතුවන ලෙස සහෝදර ඔබ සැමට අපි ආරාධනා කරනවා.

ඔයාලත් පහලින් බාගෙන බලන්න කොහොමද ගේම් එක කියල. (android only)
   



Clan of Clan ක්‍රිඩාව ප්ලේ කරන අපේ ලංකාවේ සහෝදර සහෝදරියන් වෙත.
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
අපි අලුතෙන් CLAN ඵකක් හදලා තියෙනවා Clan of cylon නමීන්, ඉතින් මෙම ක්‍රිඩාව ප්ලේ කරන හැමෝටම ආරාධනා කරනවා අපේ CLAN ඵකට සමිබන්ධ වෙන්න කියලා, ඵ් වගේම තවත් දෙයක් කියන්න ඕන, CLAN ඵකකට සමිබන්ධ වෙන්න පුලුවන් 50 දෙනෙක්ට විතරයි, ඵ් නිසා ඉක්මන් කරන්න.
සමිබන්ධ වෙන ආකාරය
1. ඔබගේ Clan Castie මතට යන්න,
2. මතට ගොස් CLAN of CYLON ලෙස ටයිප් කර සෙවීමක් කරන්න.
3. සමිබන්ධ වෙන්න. (Join)
(නැතහොත් ඔබගේ Gmail ලිපිනය අපගේ පිටවුට කමෙන්ට් කරන්න, අපි ඔබට ඇරයුමක් ඵවන්නෙමු.)
Like us on facebok : https://www.facebook.com/clanofcylon
Follow use on Twitter : https://twitter.com/clanofcylon




Wednesday, December 24, 2014

whatsapp

whatsapp කියන්නේ ලෝකයේ තියන මිතුරන් සමග චැට් කිරීමට යොදා ගන්නා සේවාවන් අතර පවතින ප්‍රධානම සේවාවක්. මේ සමාගම දැනට අයිති වෙලා තියෙන්නේ අපි කවුරුත් දන්න පේස්බුක් සමාගමටයි. අපේ ගොඩක් අය චැට් කරන්න පුරුදු වොලා ඉන්නේ පේස්බුක් එක හරහා නිසා whatsapp ලෝකයේ ජනප්‍රිය සේවාවකුත් පාවිච්චි කරල බලන්න.

ඔයාලට පහලින් ගිහින් ඔයාලගෙ ඩිවයිස් එකට ගැලපෙන විදියට whatsapp නිල වෙබ්අඩවිය මගින්ම අදාල මෘදුකාංගය බාගෙන බලන්න පුළුවන්.
ඔයාලගේ පරිඝණකයට මෙම සේවාව ලබා ගන්න ඕන නම් පහත වීඩියෝව බලන්න.



ඔයාලට අලුත් එකවුන්ට් එකක් හදා ගන්න නම් පහල වීඩියෝව බලගන්න.





Sunday, December 14, 2014

ගූගල් ඉන්බොක්ස්


ජනප්‍රිය ඊමේල් සේවාවක් වන ගූගල් සමාගමේ ඊමේල් සේවාව වන ජීමේල් පසුගියදා වෙනස්ම ආකාරයේ ඇප් එකක් හඳුන්වා දෙනු ලැබුවා. ජී මේල් ගිණුමට සම්බන්ධයක් නොමැති මෙය නම්කොට ඇත්තේ ගූගල් ඉන්බොක්ස් නමිනි. 
මෙම ඉන්බොක්ස් සේවාවට ඔබේ ජීමේල් ගිණුම ඔස්සේ සම්බන්ධ වී ඉතා පහසු, අලංකාර පරිශීලක මුහුණතක් මත ඊමේල් යැවීමටත්, කියවීමටත් පහසුකම් ලැබේ.
ගූගල් වැදගත් හා සමාන තොරතුරු සඳහා ඊ-තැපැල් ගිණුම පරීක්ෂණයට ලක්කර ඉතා පහසුවෙන් වර්ග කිරීමට (උදා, "සංචාරක" හෝ "යාවත්කාලීන") එසේම එය ගුවන් ගමන් තත්ත්වය යාවත්කාලීන කිරීම වැනි විශේෂ පහසුකම් රැසකින් මෙම ඉන්බොක්ස් සේවාව සමන්විතය. Reminders විශේෂාංගය ඔස්සේ ඔබට අවශ්‍යය දේවල් අවශ්‍යය වේලාවේ ඊමේල් ගිණුම තුලදීම මතක් කරදීමේ පහසුකම එක්කොට ඇත නමුත් මෙම ගූගල් ඉන්බොක්ස් සේවාව තවමත් ලබාදෙනුයේ Invitations මගින් පමණි. ඒ සඳහා Invite ඉල්ලීමට ඔබට inbox@google.com වෙත ඊමේල් කළ යුතුවේ. නමුත් Invitation ඉල්ලූ බොහෝ දෙනකුට Invite ලැබී නොමැති බවටයි දැනගන්න ලැබිල තියෙන්නේ. ඒ වගේම තමයි මෙම Invite අන්තර්ජාලය තුල අලවි වන ස්වරූපයක්ද දැකිය හැකිය ඇතැම් අය Invite අලවි කරනු ලබනව. මටත් මගේ යාළුවකුගෙන් Invite එකක් ලැබුන මට පුළුවන් උනොත් ඔයාල කීප දෙනකුට Invite දෙන්නම්.