MAHESH

Tuesday, July 23, 2013

Dropbox අන්තර්ජාල මෙමරිය


Dropbox යනු අපිට අන්තර්ජාලය තුළ අපගේ දත්ත රදවා තැබීම සදහා නිර්මාණය කර ඇති අන්කර්ජාල මෙමරියක් අපි අපේ ලිපි ගොනු පෙන් එකක තියගෙන පාවිච්චි කරනව වගේ තමයි Dropbox හරහාත් අපිට අවශ්‍ය ගොනු Dropbox අඩවියේ ගිණුමක් තුළ තැම්පත් කිරීම මගින් ඉතාමත් පහසුවෙන් අපිට අවශ්‍ය අවස්ථාවක ප්‍රෙය්ජනයට ගන්න පුළුවන්. Dropbox කියන්නේ අද ගොඩක් දෙනෙක් දන්න දෙයක් නමුත් අපේ සමහර අය ඉන්නව මේ ගැන නොදන්න අය අන්තර් ජාල මෙමරියක් කියන එකවත් නොදන්න අය ඒ අය වෙනුවෙන් තමයි මේ ලිපිය සරලව ලියන්න හිතුවෙ.

අන්තර්ජාලය අපි භාවිතා කිරීමේදී වර්ථමානය වන විට බොහෝ ආයතන මගින් අන්තර්ජාලය තුළ අපගේ මෙමරියක් රදවා ගැනීම සදහා අවස්ථාව ලබා දීල තියනව. මෙම අන්තර්ජාල මෙමරි මුදල් ගෙවා ලබා ගන්නව වගේම අපිට නොමිලේ ලබා ගන්නත් පුළුවන් ප්‍රධාන වශයෙන්ම මෙහි ඇති වැදගත් කම නම් අපි අපේ කාර්යාලය, නිවස හා අප සිටින ඕනෑම තැනකදී අන්තර්ජාලය හරහා මෙම අප විසින් තැම්පත් කරන ලද ගොනු ලබා ගැත හැකි වීම.

මෙම පහසු කම අපේ පරිඝණකය, ලැප්ටොප් එක, ඇන්ඩොයිඩ් දුරකථනය හා ටැබ්ලට් වැනි උපකරණ හරහා ලබා ගන්න පුළුවන් මේ සියලු උපකරණ වල Dropbox මෘදුකාංගය ස්ථාපිත කර අපගේ ගිණුමක් Dropbox අඩවිය තුළ ආරම්භ කිරීම මගින් අප එක උපකරණයක් මගින් Dropbox වෙත සේවු කරන පයිල් එකක ශනිකවම අපේ අනෙත් Dropbox ස්ථාපිත කර ඇති උපකරණ වලටද සේවු වෙනව මේ තුළින් අපේ වැඩ කරගන්න ලොකු පහසුවක් සැලසෙනව පෙන් එකක් අතේ තියන් හැම තැනම දුවන්න ඕන නැහැ ලෝකේ ඕනම තැනකින් අපේ ලිපි ගොනු අපිට ලබා ගන්න පුළුවන්. පහලින් ඔයාලට පුළුවන් Dropbox අඩවියට පිවිසිලා ඔයාලගෙ  ගිණුමක් ආරම්භ කර ගන්න.

පහලින් dropbox මෘදුකාංගය බාගන්න






මහේෂ් හේෂාන්



Posted By MAHESH KMM

පරිගණක සම්බන්ධ මා උගත්දේ ඔබටද ප්‍රෙයෝජනවත් වේයැයි සිතා මේතුළ සටහන් කරමි. contact me

ස්තුතියි

0 comments:

Post a Comment